මටත් තියෙනවද ළමා දිනයක්
ලෝක ළමා දිනේ අදයි
කියල කිව්වේ පුංචි බේබි
ලොකු හාමුලා යනවලු අද
සමරන්නට ලොකු ලොකු පාටි
මම හිතුවේ මටත් එන්න
කියයි කියලා එහේ යන්ඩ
නෑනේ ඉතින් මං තාමත්
පාලු ගෙදර අද තනියම
මටත් නැද්ද අම්මේ ඉතින්
ලෝක ළමා දිනයක් අද
ඔබත් එනවනම් මෙරටට
අපිට හැකිය සමරන්නට
ලොකු ලොකු පාටි අරන්
අපේ ගෙදර ගිහින් ඉන්න
ඔබ එනකම් මම ඉන්නම්
ඔබේ පුංචි පුතු ලෙසින්ම