Sunday, July 31, 2016

ආදරණිය මැන්ඩේලා

ආදරණිය මැන්ඩේලා





 

 

 

 

 

 

 

කලු සුදු ලෙසින්
භේද නැත තියන්
යුක්තියේ අනුහසින්
අයුක්තියට එරෙහිවියන්
ජීවයේ පිං බිමත්
මිනිසුනේ රැකගනින්
කිව් එදා මේ ලෙසින්
රැදෙයි අදත් එක ලෙසින්
විප්ලවයේ මතකයන්
මැන්ඩේලා ඔබ නමින්

Friday, July 29, 2016

ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ

              ගතිගුණ  අතින් අපි තවමත් වනන්තරේ
 


                              බුදු බණ කිව්වා නිරන්තරේ
                              බුදු බණ ඇසුවා නිරන්තරේ
                              ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ



එඞ්වඞ් ජයකොඩියන්ගේ සහ මාලනි බුලත්සිහලගේ මියුරු හඩින් සුගායනය වු  මේ අපුරු ගීතය එකවරම මගේ සවන වැකුණේය. මොහොතක් ඒ ගැන කල්පනා කළ මට සිතුනේ සමාජ යථාර්ථයන් මානව හදවත්වලට කාවැද්දීමට ගීතය කොතරම් ප‍්‍ර‍්‍රබලද යන්නය. ආශ්වාදනීය ලෙස මානව හදවත්වලට  ආමන්ත‍්‍රණය කිරිමේ හැකියාවක් ගීපද රචකයාට මෙන්ම ගායකයාටද හිමිය. එබැව්න්  පදයකින් අරුත් සොයා යන්නන්ටද මෙය එදත් අදත් හෙටත් එලෙසින්ම ගැයෙනු නොවනුමානය. කොතරම් කවී ගී ගැයුනද වැයුනද මිනිසා  නොවෙනස් වන්නේය. නමුත් මිනිසා නැමැති සත්ත්වයා වනචාරි යුගෙයෙන් මිදි ශිෂ්ඨ සම්පන්න සමාජයකට පා තැබුුවේ අද ඊයේ නොවේ. කෙසේ වෙතත් අද ශිෂ්ඨ සම්පන්න මානවයෙක්ද යන බවද ඔවුන්ටම අමතකව ගොස් ඇත. අවුරුදු දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට උරුම කම් කියන ලාංකීය සමාජයක මිනිසුන්ගේ සමාජ යහගුණයන් අනෙක් රටකට දෙවැනි නොවන්නේය. එය කියමන එලෙසින්ම අදටත් හෙටටත්  වලංගු වන්නේද යන්නය සිතා බැලිය යුතුව ඇත. මිනිසා ගතිකය.  ඒ ගතිකත්වය ඉස්මතු කරමින් අද බොහෝ දෙනා ජීවය දුන් මව පියා මරා සැනසිමට පවා සාහසික වන්නේ්ය. ලෝකය නොනැවති ගමන් කරයි. ඒ ගමනට හසුවන මිනිසාද නොනැවති ගමන් කරයි. නිමක් නොවන මේ කතර තුළ මිනිසුන් පොර බදන්නේ තමා රැුකෙන්ට මිස අනෙකා රකින්නට නොවේය. ඒ තුළ මානව ගුණ දම් ඔහු වෙතින් පලා යන්නේ ඔහුටත් නොදැනීමය. බුදු ගුණ ගැයෙන වැයෙන රටේ ඒ සියල්ල බිරී අලින්ට වීනා වයන්නාසේය. එමගින් සපල කරන්නේ  ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ බවය. කිසිවක් හරිහැටි මායිම් නොකරණ මිනිසුන්ට අවැසි වන්නේ සමාජ ගුණ ධර්මයන් නොවය. කොතරම් ධර්මයේ අනුහස් කිවුවද එයින් පලක් නොවන්නේය. ඒ ධර්මයම ඇසුරු කරමින් කරන්නේ අයහපතය. දිනෙන් දින අසන්නට දකින්නට ලැබෙන්නේ මිනිසුන්ගේ නොකටයුතුකම්ය. මානවයා මෙතරම් ඉක්මනින් පිරිහිමෙන් පිරිහිමට පත්වන්නේ කුමක් හේතුවෙන්ද? ඔවුනට නිතිපතා ඇසීමට දැනීමට ලැබෙන්නේ සුභවාදී දේද? මේවැනි ප‍්‍රශ්න රාශියකට තවමත් වීසදුම් නොමැති රටේ ගමන තවදුරටත් මෙලෙසමය. එහෙත් මෙලෙස කියා බලා සිටිමේද පලයක් නොමැත. ගද ගසන පල්  වු මඩ ගොහොරුවකද සුවදවත් මල් සුපිපෙන්නේය. එසේම පිරිහිනු සමාජයේද යහ ගති පැවතුම් ඇත්තන්ද නැතුවාම නොවේය. කිරි කලයකට ගොම බිදුවක් වැටුනු ව්ට මුළු කිරි කලයම ව්නාශ වන්නේය. එලෙසම සමාජයේ පිරිසකගේ පිරිහි ගිය ගතිපැවතුම් සමාජයටම කොඩි ව්නයක් වන්නේය. මිනිසා මිනිසා විසින්ම ගොඩනැගෙනු ව්නා කිසිවකු එය කළ යුත්තක්ද නොවන්නේය. එබැව්න් මා මෙය මෙලෙස හමාර කරන්නට කැමතිය.


                                       

                                      සිරිත් වීරිත් යහගුණෙන්  පිරිගිය
                                      නැවුම් ලොවක් මත සිහසුන බන්දා
                                      එක ඉරහද යට හිනහෙන දවසක්
                                      යළි කවදත් නේවීද මන්දා


Tuesday, July 26, 2016

ක්ෂණික ආහාර ගැනීම තුළින් ඔබට ක්ෂණිකව ඇතිවෙන අතුරුඵල

ක්ෂණික ආහාර ගැනීම තුළින් ඔබට ක්ෂණිකව ඇතිවෙන අතුරුඵල

     








      අද කාන්තාවන් වැඩි පිරිසක් කාර්යබහුල ජිවිතයක් ගතකරන බැවින් ඔවුන් වැඩිදෙනකු තමාගේ සහ පවුලේ ආහාර වේල් සම්බන්ධයෙන් යොමුකරන අවධානය යම් මට්ටමක අඩු වීමක් දක්නට ලැබේනවා. එවගේම තමාගේ මෙන්ම රැකියාවට යන ස්වාමිපුරුෂයාගේ, පාසල් යන දුවගේ පුතාගේ ආහාර වේල සකස් කරද්දි ඇයට කාලය ප‍්‍රශ්නයක් වේලා තියෙන නිසා බොහෝ විට ක්ෂණික ආහාර වේලකට යොමුවීමේ ප‍්‍රවණතාවයක්  දක්නට පුළුවන්. නමුත් මෙම ක්ෂණික ආහාර එහෙමත් නැතිනම් Fast food තවත් ආකාරයකින් කිවහොත් Junk food ශරීරයට අහිතකර දෙයක් බව කොයිකවුරුත් අසා ඇති දෙයක්. එසේම මේ ගැන කොච්චර දැනුවත් වුවත් අපනශාලාවකට ගොඩවෙන ඔබට එහි තිබේන නොයෙක් ආකාරයේ ආහාර දුටු විට එය රසවිදිමට සිතෙන එක නම් සාමාන්‍ය දෙයක්.
     ඔබ දන්නවාද? ක්ෂණික ආහාර වශයෙන් හදුන්වන්නේ අවශ්‍ය ප‍්‍රමාණයට පෝෂපදාර්ථ නොලැබේන ශරීරයට අහිතකර සංඝටක බහුලව පිළියෙල කර ඇති ආහාරයි. ඒවා සෝටී‍්‍රස්, පීට්සා, රෝ්ල්ස්, පේ‍්‍රස්ටි, කට්ලට්, බනිස් වර්ග, නූඞ්ලස් සේම බීම වර්ග වැනි දෙයක් විය හැකියි. අද ලොකු කුඩා සෑම කෙනෙක්ම මේ ක්ෂණික ආහාරවලට පෙළඔී සිටිමක්  දක්නට පුළුවන්. සාමන්‍යයෙන් දිනකට වේල් තුනෙන්  එක වේලකට හෝ ක්ෂණික ආහාර ගන්නා පුද්ගලයකු සොයාගත හැකියි. එබැවින් මෙය පුද්ගලයකුගේ ආර්ථිකයට මෙන්ම ශරීරයට වින කරන්නක් බව කවුරුත් විශ්වාස  නොකරන අතර දිව පිනවීමට අප ගන්නා මෙවැනි ආහාර කෙටි කාලයක් තුළදි අපට විවිධ අතුරුඵල ගෙන එමින්  නොදැනීම රෝගීන් බවට පත් කරයි.
මෙම ක්ෂණික ආහාරවල තෙල්, ලූණු සහ සීනි බහුලව තිබේ. මෙහි විටමින් ඛනිජ ලවන සහ කෙදි අඩුය. ඒ නිසා ක්ෂණික ආහාර වේලක් තුළින් ලැබෙන්නේ අසමතුලිත පෝෂණයකි. එබැවින් සිරුර තුළ යම් යම් වෙනස්කම් ඇතිවන අතර පරිවෘත්තිය ක‍්‍රියාවලියේද වෙනස්කම් ඇති වේ. එහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ සිරුරේ බර වැඩි වීමත් අධික තරබාරුව ඇති වීමත්ය. පරිභෝජනය කරන්නන් මෙවැනි විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වනවා පමණක් නොව සීඝ‍්‍රයෙන් බෝනොවන රෝග සදහා මෙය හේතු කාරකයක් වන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුව ඇත.
   ක්ෂණික ආහාර වල වැඩි වශයෙන් මේදය හෝ තෙල්  අඩංගුව ඇති බැවින් පරිභෝජනය කරන පුද්ගලයන් දියවැඩියාව, කොලොස්ටර්රෝල්, හෘදයාබාධ වැනි රෝගී තත්ත්වයන්ට ලක් වීම දැක ගතහැකියි. විශේෂයෙන්ම මෙහි මේදය නිසා ආහාරයට ගන්නන්ගේ රුධිර නාල අවහිර වේ. ඒ තුළ පුද්ගලයන් ඉක්මනින්ම හෘදයාබාධ වැනි අහිතකර රෝගී තත්ත්වයන්ට ලක්වේ.
මේ ආහාරවල අඩංගු සීනි මට්ටම ඉහල නිසා ඔබේ සිරුරේ ෙසෙල වලට සීනි උරා ගැනීම ඉහල යයි.  එහිදි ඔබේ සිරුරේ ෙසෙල වලට සීනි උරා ගැනීම ඉහල යන අතරම රුධිරයේ සීනි මට්ටම කෙටි කාලයක් තුළ විශාල ලෙස පහල යයි. මේ හේතුව නිසා ශරීරයට මහන්සි ගතියක් මෙන්ම අපහසු ගතියක් ඇතිවෙයි.
ක්ෂණික ආහාර ගන්නා පිරිස අතරේ ළමුන්ද වැඩි පිරිසකි. දෙමවිපියන් පෙරපාසල් අධ්‍යාපනයේ සිටම විවිධ උපකාරක පන්තිවලට ගෙන යන බැවින් දරුවන්ට කෑමට බීමට තිබෙන්නේ  අවම කාලයකි. බොහෝ වේලාවල් වලදි දෙමව්පියන් කරනුයේ දරුවාට ක්ෂණික ආහාරයක් ලබාදීමය. මෙමගින් ලැබෙන්නේ ක්ෂණික ශක්තියකි. ඒ තුළ ලැබේන පෝෂණය අඩු වීම මෙන්ම දරුවාගේ නිසි වර්ධනයක්ද සිදු නොවේ. දරුවා මේ නිසා මන්දපෝෂණ තත්වයන්ට ගොදුරුවනවා පමණක් නොව දරුවාගේ  මොළය වර්ධනය වීමේ තත්ත්වයන්ටද බලපෑම් එල්ල විය හැකියි.
     සමාජයේ මන්ද පෝෂණය ඉහල යාම සදහා ආසන්න සාධයක් ලෙස අද ක්ෂණික ආහාර භාවිතය පත්ව තිබේ. ක්ෂණික ආහාර ගැනිමේදි බොහෝ විට ලබා ගන්නා පුද්ගලයා එය කාර්යාලයේදි, අතරමගද,ි වාහනයකදි, මෙන්ම මහමගදි ලබා ගන්නා අවස්ථාවන් දැක ගත හැකියි. තනි තනි වශයෙන් ආහාර ලබාගන්නා  ඔවුන්ට පවුලක සියලූ දෙනා එකතු වී ආහාර ලබා ගැනීමට තිබේන අවස්ථාව මෙමගින් මගහැරි යයි.  එය පවුලේ එකමුතුකමට සහයෝගීතාවයට මෙන්ම  සියලූ දෙනාට එකතු වී කතා බහ කිරිමට තිබේන හොදම අවස්ථාවටද බාධාවක් වේ.එමගින් නොදැනුවත්ම පවුලේ එකමුතුකමද දෙදරා යාමට ඉඩ තිබේ. නොදැනුවත්ම ඔබගේ අතේ තිබේන මුදලද විනාශ වීමට හේතුවේ.
  ක්ෂණික ආහාර ගැනීම තුලින් ශරීරයට මෙන්ම ආර්ථිකයට හානි සිදුවන බව දැන සිටියත් ඔබ විවිධ අවස්ථාවල මොහොතකට එය අමතක කර දමා මෙම ආහාර  පරිභෝජනයට පෙළෙඔයි. ඒ තුළ ඔබට පැමිණෙන අතුරුඵලයන් වැඩි වනවා මිස අඩු විමක් නොමැත. එබැවින් ඔබ දිනපතා පෝෂදායි සමබර ආහාර වේලක් ලබා ගැනිමට කටයුතු කරයි නම් ඔබට පැමිණෙන අනතුරුදායක තත්ත්වයන්ගෙන් වැලකි යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හිමි කරගත හැකියි

Monday, July 25, 2016

මවකගේ අායාචනාව


 මවකගේ අායාචනාව


නෙතක හසරැල් මැවුනු දනන්          අතරේ

විගස ගැටුනි එක් මවක්                    මෙලෙසේ

කියත් මැසිවිලි යදින                        විලසේ

සිටිනු කිම්දැයි අසනු                        සිතුනේ

 

මා හැරදා මේ ලෙස මේ                     වීදියේ

ඔබ ගියාට තරහක් නෑ මගේ              දුවේ

ඔබ හැදුවා කිසි අඩුවක් නැති             ලෙසේ

මම සිතුවා සැමදා දුව ඔබ                  මගේ

 

සත් මහලක් රස බොජුනක් මට          එපා

රන් අභරණ රන් සලුපිළි මට              එපා

සිත් කාගෙත් මේ ලෙස රිදවනු           එපා

සංසාරෙත් මා ඔබේ මව්                     නිසා


Saturday, July 23, 2016

පියාණෙනි


 පියාණෙනි














වැගුරු කදුලැල් කොපමණදැයි
                                        නොදනි මා
විදි දුක් කරදර කොපමණදැයි
                                        නොදනි මා
පිසු කදුලැල් කොපමණදැයි
                                        නොදනි මා
සදා ණය ගැතියි පියාණෙනි
                                        ඔබට මා

Thursday, July 21, 2016

සංස්කෘතික ආලය

සංස්කෘතික  ආලය




සෑම මිනිසෙකුම මේ පොළව මත පය තබන්නේ තමන්ට  උරුම වු  සංස්කෘතියක්  අතැතිවය. දැනුවත්ව හෝ නොදැනුවත්ව එම සංස්කෘතියට අනුගත වන ඔවුනොවුන් පසු කාලීනව සිය සංස්කෘතිය ආරක්ෂා කර ගැනිමේ ප්‍රයත්නයක නිරත වෙයි. එය මේ ලෝකයේ කාටත් පොදූ වු ධර්මතාවයකි.එබැවින් සිය සංස්කෘතියට ආදරය නොකරන්නෙකු සොයා ගැනීමට නොහැකි තරම්ය.බහුවිධ ජනවර්ගයන් ජ්වත්වන රටක සංස්කෘතින් විවිධය.සෑම පුද්ගලයකුගේම සිත තුළ පැල පැදියම්ව ඇත්තේ සිය සංස්කෘතිය උසස් සංස්කෘතියක් බවය. එසේ සිතිමේ වරදක් නැත.නමුත් එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක් පගා දමා  තවත් සංස්කෘතියක් වැජෙඔන්නට වෙරදරන්නේ නම් ඇති වන විපාකයන් වචනයෙන් විස්තර කළ නොහැක.තමාගේ සංස්කෘතියට තමා ආදරය කළ යුතුය. නමුත් අන්යන්ටද සිය සංස්කෘතිය නිදහසේ භක්ති විදිමට ඉඩහසර වෙන්විය යුතුය. එකම පරිසරයක ජ්වත්වන සංස්කෘතින් එහි පවතින විවිධත්වයන් වටහා ගත යුතුය.තමාගේ සංස්කෘතිය තුළ සිටිමින් අනෙකාගේ සංස්කෘතිය  දෙස  යහපත් සිතින් බැලිමේ හැකියාව මිනිසාට තිබිය යුතුය. මන්ද මිනිසා යනු අනෙකුත් සත්ත්වයන්  අතර  සුවිශේෂි සත්ත්වයකු වන නිසාවෙනි. එපමණක් නොව සංස්කෘතික මිත්‍රශිලිත්වය යන්න බොහෝ සෙයින් වැදගත් දෙයකි. බහුවිධ සංස්කෘතියන් පවතින රටක ගැටුම් ඇති විමට තිබේන ඉඩකඩ වැඩිය. මන්ද මිනිසා ගතික සත්ත්වයකු වන නිසාවෙන්ය.සංස්කෘතියකට සංස්කෘතියක් ගරු කිරිමටත් සංස්කෘතියකට සංස්කෘතියක් ආලය කිරිමටත් කටයුතු කරන මොහොත දක්වාම සංස්කෘතින් අතර පවතින නොරිස්සුම්තාවයන් හමාර වන්නේද නැත.එයට හොදම විසදූම වන්නේ ඔබට ඔබ මෙන්ම අන්යන්ටද ආලය කිරිමය.

Wednesday, July 20, 2016

අහිමි පෙම

 අහිමි පෙම

ගැයෙන ගී හඩ
හදෙහි රැදුනම
කදුලූ ගෙන ආවා
හෙමින් සැරේ................

සොදුරු ලෝකෙක
ඔබ හා ඉන්න
මැවු පෙම් හීන
බොදවුනේ................

සදුත් සැගවුන                                                        
අදුරු රැයක
තරුත් ඇයි මෙලෙසින්
මියදුනේ................

වෙරළ වෙත එන
සයුරු රළ සේ නුඔ
ඇයි හෙමි හෙමින්
වෙන්වුනේ................


Monday, July 18, 2016

කුමකටද භේද

                                                             කුමකටද භේද

                                                                 

                                                            එකම  රතුපාට ලේ
                                                            ගතෙහි පුරා දුවන
                                                            ජාති කුල මල භේද
                                                            පක්ෂ පාට ආගම් භේද
                                                            කුමකටද මේ මිනිසාට....................
                                                            ඉවතලමු  මෙය පිඩක් සේ කෙළ
                                                            මනුසත්කම සුරකින්න
                                                            රැකගන්න සෙනෙහසින්
                                                            ජීවයේ පිං බිම........................   

Sunday, July 17, 2016

ලොව දකිනට

            ලොව දකිනට 






දෙනෙත අදව ඇත ලොව දකිනට

                                              එපා ලෙසි

දෙකන වැසී ඇත ලොව අසනට

                                             එපා ලෙසින්

හඩ ගොළුව ඇත ලොව කියනට

                                             එපා ලෙසින්

මම මොකටද මේ කිසිවක් 

                                            නැතුව ඉතින්

 

මවයි පියයි දෙදෙනම මට             අහිමිවුනේ

ඉරයි හදයි කිසිදින නෑ මට            පෙනුනේ

රැයයි දහවලයි කොහොමද           ගෙවුනේ

කියයි කවුද මට මේ වග                කිසිදිනේ

 

භවයෙන් භවය මේ ලෙස මට           හිමිවේදෝ

සසරෙන්  එතර වන්නට පින            නැතිවේදෝ

කලකින් කලට මා වැහැරි                ගියාදෝ

මෙමට සරන වන කිසිවෙකු             සිටිදෝ


බලය


බලයක් ලැබි බලයෙන්        වැජෙඕනවා

බලය දුන් මහජනයව          අමතකවෙනවා 

දහසක් පැතුම් ජනයගේ       මියයනවා

පාර්ඩෝ වලින්  ඒ අය         ඉගිළෙනවා

 

දුන්නත් පොරොන්දු නැහැ කිසිවිට ඉටු         වන්නේ

කිවුවත් දුක නැහැ කිසිදින අහගෙන             ඉන්නේ

කිසිවක් නොකිවු ගානට ඔවුන්                     හැසිරෙන්නේ

මෙහෙමත් අයට තමයි බලයම                     දුන්නේ

 

දවසින්  දවස හොදහැටි බදු                             වැඩිවෙන්නේ

තුන් වේලෙන්  එක වේලයි කන්නට               වෙන්නේ

තිබුනොත් මෙහෙම නෑ ජනයට ඉසුරක්          වෙන්නේ

කවුරුන් ආවත් මේ ටිකමයි                            සිදුවෙන්නේ


Saturday, July 16, 2016

මතක තියාගන්න අපහසුද?

                 

        අ පො ස උසස් පෙළ කඩඉම් විභාගය අත ළග නිසා ඔබ  ලහි ලහියේ පාඩම් කටයුතු වල නිරත වෙනවා ඇති.  ඒවගේම විභාගය පාස් වෙන්නේ කොහොමද?, මෙච්චර ගොඩක් පාඩම් කරන්නේ කොහොමද?  වගේම කොච්චර පාඩම් කරත් මතකයේ  රැුෙදන්නෙ නැහැනේ  වැනි ප‍්‍රශ්න රාශියක් ඔබට මේ දිනවල ඇති වෙන්න පුළුවන්.ඒ සදහා ඔබට එයට විසදුමක් ලෙස මෙවැනි ක‍්‍රියාමාර්ගයන් අනුගමනය කිරිමට පුළුවන.

01. සැහැල්ලුවෙන් සිතන්න. පැහැදිළි ඉලක්කයක් ගොඩනගා ගන්න
    
     විභාගය අත ළග නිසා  බොහෝ දෙනා  සිටින්නේ් දැඩි බියකිනි. ඒ නිසාම ඔබ පීඩාවට පත්වෙලා ඇති. උසස් පෙළ සරල පහසු විභාගයක් ලෙස සිතන්න. ප‍්‍රථමයෙන්ම මට මේ කඩඉම හොදින් ජය ගන්නට පුථවන් යනුවෙන් සිතන්න. ඒ වගේම අනාගතයේ මම කවුරුද වෙන්නේ එයට මම මොක්කද කළයුත්තේ යනුවෙන් පැහැදිළි ඉලක්කයක් ගොඩනගා ගන්න. තම අනාගතය පිළිබද ඉලක්කයක් ගොඩනගාගත් විට ඉතා වැදගත්ම දෙය තමයි ඒ පිළිබද එකිනෙකා සමග නොපැවසීම. යම් හෙයකින් ඉලක්කය වෙත ළගාවන්නට නොහැකි වුනොත් අනෙකා ඔබට සිනාසේවි. තමා ඉලක්කයක් වෙත ගොස් අන් අයට පෙන්වන්න සිතා ගන්න.  එවිට ඔබට පාඩම් කරන්න හිතෙනව වගේම පාඩම් කරන දේවල්ද හොදින් මතකයේ රදවා ගැනීමට පුළුවන් වේ.
02.පාඩම්  කොටස් වශයෙන් පාඩම් කරන්න
      
   පාඩම් කිරිමට විශාල ප‍්‍රමාණයක් තිබේ යැයි සිතා අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත. එයට හොදම දෙය වන්නේ අධ්‍යයනයට ඇති ප‍්‍රමාණය කොටස්කර ගැනීමය. කොටස් කර ගැනීමේදි නිරවුල්ව කොටස් කර ගැනීම අවශ්‍ය වේ. පාඩමක ඇති මාතෘකා ඔබට පහසු ආකාරයෙන් කොටස්කර පාඩම් කිරිමෙන් පැහැදිලිව එය මතකයේ රැුදයි.
02. කාල සටහනකට අනුව වැඩ කරන්න
       
   තව කොච්චර පාඩම් කරන්න තියෙනවද? යනුවෙන් ප‍්‍රකාශ කරන ශිෂ්‍යයන් බොහෝවිට දකින්නට පුළුවන්. එවගේම ඔවුන් පොත් පෙරළා පාඩම් කිරිමට ඇති ප‍්‍රමාණය බලන අවස්ථාවන්ද නැතුවාම නොවේ. මෙය නිරන්තරයෙන් ඔවුන්ට අධ්‍යයන කටයුතු සදහා පීඩනයක් ඇතිවෙන්න බලපායි. කාල සටහනකට අනුව පාඩම් කිරිමට ඔබ කටයුතු කරයි නම් අදාළ පාඩම පාඩම් කළ යුතු කාලයද ඔබට හොදින් වැටහේ.මනාව කාලය කලමනාකරණය කරගෙන පාඩම් කිරිම තුළින් පාඩම් කළ දේවල් ඔබගේ මතකයේ හොදින් රැුෙදයි.
03. කරුණු  වශයෙන්  ඇති  තොරතුරුවල මුල අකුර එකතු කර යම් වචනයක් ගොඩනගා ගන්න
     
    මෙය ඔබ පාඩම් කරන දේවල් හො`දින් මතක තබා ගැනීමට හැකි සරල ක‍්‍රමයකි. කරුණු වශයෙන් ඔබට පඩම් කිරිමට ඇති දේවල්  බොහෝ විට මතකයේ රැුෙ`දන්නේ අඩු වශයෙන් විය හැකියි. කරුණු වශයෙන් තිබෙන ඒවගෙ මුල අකුර එකතුකර යම්වචනයක් ගොඩනගා ගන්න. ඉන්පසු වචනයෙන් කියවෙන දෙය මතක තබා ගැනීමෙන් ඔබට අදාළ කරුණු හොදින් මතක තබා ගැනීමට හැකිවේ.
04. එකම පාඩම අවස්ථා කිහිපයකදී බලන්න
   ඔබ පාඩම් කිරිම පටන් ගන්නා සෑම අවස්ථාවකදීම පෙර පාඩම් කරන ලද දේවල් නැවත මතක් කරන්න. පාඩම එක්වරක් නැවත කියවන්න. පාඩම් කරන වාර ගණන වැඩිවන විට ඒවා දිගුකාලීන මතකයේ තැන්පත් වේ. එවිට එම පාඩම ඔබට හො`දින් මතක තබා ගැනීමට හැකිවේ.

05.පාඩම් කරන සෑම විනාඞ්  40කට වරක් විවේකයක් ගන්න
    පැය දෙක තුනක් පමණ එකදිගට පාඩම් කරන විට මතකයේ රැුෙ`දන ප‍්‍රමාණය අඩු විය හැකිය. එවිට ඔබ පාඩම් කරන දෙයින් කිසිදු ප‍්‍රයෝජනයක් නැත. එම නිසා පාඩම් කරන සෑම විනාඞ් 40කට වරක් විවේකයක් ගන්න. එය ඔබට රුචි ආකාරයෙන් ලබාගැනීම තුළින් ඔබගේ මනස සැහැල්ලු වනවා පමණක් නොව පාඩම් කරන දෙයද හො`දින් මතකයේ රැුෙ`දයි.
06.මොළය ඇසුරෙන් කරන අභ්‍යාසයක නිරත වෙන්න
   පුද්ගලයන් යම් යම් හැකියා මෙන්ම දක්ෂතා පෙන්නුම් කරන්නේ මොළයේ එක් එක් අංශ වලිනි. මෙම අංශ ආරක්ෂිතව තිබෙන විට මතකය හො`දින් සංවර්ධනය වේ. සරල ක‍්‍රමවේදයක් ලෙස ඔබ 1සිට 10 දක්වා ගණන් කරන්න නැවත 10 සිට 1 දක්වා ගණන් කරන්න අවස්ථා කිහිපයකදි මෙය සිදුකිරිමෙන් ඔබේ අවධානය එයට යොමුවේ.ඒ තුළින් මනස එක් අරමඅණකට යොමු කරවා ගැනීම තුළින් ඔබ පාඩම් කරන දේ හො`දින් මතකයේ රැුදෙනු ඇත.

මෙවැනි සරල ක‍්‍රියාමාර්ගයන් කිහිපයක් තුළින් ඔබට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවස්ථාව හිමිවෙනවා පමණක් නොව ඔබේ කඩඉම ජය ගැනීමටද මෙමගින් අවස්ථාව උදාවේ.


   

       

සිතුවම








 

සියල් සිරින් පිරි

සුවිසල් මැදුරේ

නළගනන් රගදෙන

විලසින් දසතේ

අගනන් පිරිවරා

සිටිනා රජු සේ

සිතුනා සිතුවම් 

කරනට සිත්සේ