Tuesday, July 26, 2016

ක්ෂණික ආහාර ගැනීම තුළින් ඔබට ක්ෂණිකව ඇතිවෙන අතුරුඵල

ක්ෂණික ආහාර ගැනීම තුළින් ඔබට ක්ෂණිකව ඇතිවෙන අතුරුඵල

     








      අද කාන්තාවන් වැඩි පිරිසක් කාර්යබහුල ජිවිතයක් ගතකරන බැවින් ඔවුන් වැඩිදෙනකු තමාගේ සහ පවුලේ ආහාර වේල් සම්බන්ධයෙන් යොමුකරන අවධානය යම් මට්ටමක අඩු වීමක් දක්නට ලැබේනවා. එවගේම තමාගේ මෙන්ම රැකියාවට යන ස්වාමිපුරුෂයාගේ, පාසල් යන දුවගේ පුතාගේ ආහාර වේල සකස් කරද්දි ඇයට කාලය ප‍්‍රශ්නයක් වේලා තියෙන නිසා බොහෝ විට ක්ෂණික ආහාර වේලකට යොමුවීමේ ප‍්‍රවණතාවයක්  දක්නට පුළුවන්. නමුත් මෙම ක්ෂණික ආහාර එහෙමත් නැතිනම් Fast food තවත් ආකාරයකින් කිවහොත් Junk food ශරීරයට අහිතකර දෙයක් බව කොයිකවුරුත් අසා ඇති දෙයක්. එසේම මේ ගැන කොච්චර දැනුවත් වුවත් අපනශාලාවකට ගොඩවෙන ඔබට එහි තිබේන නොයෙක් ආකාරයේ ආහාර දුටු විට එය රසවිදිමට සිතෙන එක නම් සාමාන්‍ය දෙයක්.
     ඔබ දන්නවාද? ක්ෂණික ආහාර වශයෙන් හදුන්වන්නේ අවශ්‍ය ප‍්‍රමාණයට පෝෂපදාර්ථ නොලැබේන ශරීරයට අහිතකර සංඝටක බහුලව පිළියෙල කර ඇති ආහාරයි. ඒවා සෝටී‍්‍රස්, පීට්සා, රෝ්ල්ස්, පේ‍්‍රස්ටි, කට්ලට්, බනිස් වර්ග, නූඞ්ලස් සේම බීම වර්ග වැනි දෙයක් විය හැකියි. අද ලොකු කුඩා සෑම කෙනෙක්ම මේ ක්ෂණික ආහාරවලට පෙළඔී සිටිමක්  දක්නට පුළුවන්. සාමන්‍යයෙන් දිනකට වේල් තුනෙන්  එක වේලකට හෝ ක්ෂණික ආහාර ගන්නා පුද්ගලයකු සොයාගත හැකියි. එබැවින් මෙය පුද්ගලයකුගේ ආර්ථිකයට මෙන්ම ශරීරයට වින කරන්නක් බව කවුරුත් විශ්වාස  නොකරන අතර දිව පිනවීමට අප ගන්නා මෙවැනි ආහාර කෙටි කාලයක් තුළදි අපට විවිධ අතුරුඵල ගෙන එමින්  නොදැනීම රෝගීන් බවට පත් කරයි.
මෙම ක්ෂණික ආහාරවල තෙල්, ලූණු සහ සීනි බහුලව තිබේ. මෙහි විටමින් ඛනිජ ලවන සහ කෙදි අඩුය. ඒ නිසා ක්ෂණික ආහාර වේලක් තුළින් ලැබෙන්නේ අසමතුලිත පෝෂණයකි. එබැවින් සිරුර තුළ යම් යම් වෙනස්කම් ඇතිවන අතර පරිවෘත්තිය ක‍්‍රියාවලියේද වෙනස්කම් ඇති වේ. එහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ සිරුරේ බර වැඩි වීමත් අධික තරබාරුව ඇති වීමත්ය. පරිභෝජනය කරන්නන් මෙවැනි විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වනවා පමණක් නොව සීඝ‍්‍රයෙන් බෝනොවන රෝග සදහා මෙය හේතු කාරකයක් වන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුව ඇත.
   ක්ෂණික ආහාර වල වැඩි වශයෙන් මේදය හෝ තෙල්  අඩංගුව ඇති බැවින් පරිභෝජනය කරන පුද්ගලයන් දියවැඩියාව, කොලොස්ටර්රෝල්, හෘදයාබාධ වැනි රෝගී තත්ත්වයන්ට ලක් වීම දැක ගතහැකියි. විශේෂයෙන්ම මෙහි මේදය නිසා ආහාරයට ගන්නන්ගේ රුධිර නාල අවහිර වේ. ඒ තුළ පුද්ගලයන් ඉක්මනින්ම හෘදයාබාධ වැනි අහිතකර රෝගී තත්ත්වයන්ට ලක්වේ.
මේ ආහාරවල අඩංගු සීනි මට්ටම ඉහල නිසා ඔබේ සිරුරේ ෙසෙල වලට සීනි උරා ගැනීම ඉහල යයි.  එහිදි ඔබේ සිරුරේ ෙසෙල වලට සීනි උරා ගැනීම ඉහල යන අතරම රුධිරයේ සීනි මට්ටම කෙටි කාලයක් තුළ විශාල ලෙස පහල යයි. මේ හේතුව නිසා ශරීරයට මහන්සි ගතියක් මෙන්ම අපහසු ගතියක් ඇතිවෙයි.
ක්ෂණික ආහාර ගන්නා පිරිස අතරේ ළමුන්ද වැඩි පිරිසකි. දෙමවිපියන් පෙරපාසල් අධ්‍යාපනයේ සිටම විවිධ උපකාරක පන්තිවලට ගෙන යන බැවින් දරුවන්ට කෑමට බීමට තිබෙන්නේ  අවම කාලයකි. බොහෝ වේලාවල් වලදි දෙමව්පියන් කරනුයේ දරුවාට ක්ෂණික ආහාරයක් ලබාදීමය. මෙමගින් ලැබෙන්නේ ක්ෂණික ශක්තියකි. ඒ තුළ ලැබේන පෝෂණය අඩු වීම මෙන්ම දරුවාගේ නිසි වර්ධනයක්ද සිදු නොවේ. දරුවා මේ නිසා මන්දපෝෂණ තත්වයන්ට ගොදුරුවනවා පමණක් නොව දරුවාගේ  මොළය වර්ධනය වීමේ තත්ත්වයන්ටද බලපෑම් එල්ල විය හැකියි.
     සමාජයේ මන්ද පෝෂණය ඉහල යාම සදහා ආසන්න සාධයක් ලෙස අද ක්ෂණික ආහාර භාවිතය පත්ව තිබේ. ක්ෂණික ආහාර ගැනිමේදි බොහෝ විට ලබා ගන්නා පුද්ගලයා එය කාර්යාලයේදි, අතරමගද,ි වාහනයකදි, මෙන්ම මහමගදි ලබා ගන්නා අවස්ථාවන් දැක ගත හැකියි. තනි තනි වශයෙන් ආහාර ලබාගන්නා  ඔවුන්ට පවුලක සියලූ දෙනා එකතු වී ආහාර ලබා ගැනීමට තිබේන අවස්ථාව මෙමගින් මගහැරි යයි.  එය පවුලේ එකමුතුකමට සහයෝගීතාවයට මෙන්ම  සියලූ දෙනාට එකතු වී කතා බහ කිරිමට තිබේන හොදම අවස්ථාවටද බාධාවක් වේ.එමගින් නොදැනුවත්ම පවුලේ එකමුතුකමද දෙදරා යාමට ඉඩ තිබේ. නොදැනුවත්ම ඔබගේ අතේ තිබේන මුදලද විනාශ වීමට හේතුවේ.
  ක්ෂණික ආහාර ගැනීම තුලින් ශරීරයට මෙන්ම ආර්ථිකයට හානි සිදුවන බව දැන සිටියත් ඔබ විවිධ අවස්ථාවල මොහොතකට එය අමතක කර දමා මෙම ආහාර  පරිභෝජනයට පෙළෙඔයි. ඒ තුළ ඔබට පැමිණෙන අතුරුඵලයන් වැඩි වනවා මිස අඩු විමක් නොමැත. එබැවින් ඔබ දිනපතා පෝෂදායි සමබර ආහාර වේලක් ලබා ගැනිමට කටයුතු කරයි නම් ඔබට පැමිණෙන අනතුරුදායක තත්ත්වයන්ගෙන් වැලකි යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හිමි කරගත හැකියි

5 comments: