Tuesday, August 30, 2016

අයාලේ ගිය සිත

අයාලේ ගිය සිත


ගෙන හිසතෙක් වැසුණු
පොත් ගොඩක්
පොරකයි බලන්නට යමක්
පිසදමා නෙත් දෙකත්
නොනැවති එක් තැනක
සොයා දුවයි සිත
තවත් එක් නවාතැනක්

 

එකින් එක සිතෙහි මැවෙන
ගැටලු ලිහා මුදාහරින
සොයයි තැනක් ගිමන්  හරින
සිත නොමැතිව එක තැනකම


වරින් වර නෙත් යොමා
බැලුවග පොත දෙසම
පෙරලී ඇතිමුත්
හොදහැටි පිටු ගණන
නැත කිසිවක් තාමත්
මතකයේ රැදුණු වග
සිත දුවයි මේ ලෙසින
අයාලේ නොනවතින

Saturday, August 27, 2016

ගිහිගෙය හැරයා හැකිද

ගිහිගෙය හැරයා හැකිද

 

සිද්ධාර්ථය
නුඔ මෙන් මං නුපන්නෙමි
රාජ වංසේක
එකින් එක සත්මහල්
තැනුනේ නෑ මෙමට
රසමසුලෙන් තැනෙන බෝජන
හිමි නොමැති අප වෙත
ඉතින් කෙසේ හැරයන්න ගිහිගෙය

හැරගියත් මෙමා ගිහිගෙය
නොමැති වන වග
දන්නෙහිය කුලිගෙය
අඔුව සමග දරුවෝ තනිවම
පෙලෙයි හාමතේ කිසිවක් නොමැතිව
අනාගතේ දෑතින් ගෙන
සිහින දකින පුංච් වුන්ට
නොබලා මා උන් හැමදෙන
කෙසේ යන්න හැර
ගිහිගෙය
 

Tuesday, August 23, 2016

කවියා

කවියා


 

 

 

 

 

 

 

සුමුදු සුදු කඩදාසියක
තෙලිතුඩින් මැවෙන
පද අතර පොරබදින
එය නිසි ගැලපුමට
දැකගත් සමාජයේ
කිසිවෙක් නොදුටුවක්
රසභාව මිශ්‍ර කර
අර්ථ අතර ගැබ්කර
මනාව සැකසුණු
කවියක හිමිකාර
ඔබමය කවියාණ

Thursday, August 18, 2016

කව්ලුව

කව්ලුව

 

දෙපියන් ඇර

පොළවට ගොඩක් උඩ

කව්ලුව ළගට ගිය

නැරඔුවා මා

ඇතුළ සිට පිටත

ඈත නොපෙනෙන

හෙල් කදු අතරින

හමා ආ මද නල

දැවටි ගියා මා ගතම

කිසිවෙක් නොපෙනෙන

කිසිවක් නොකිවු තැන

මොහොතක් බලා සිට

වසා දැමුවෙමි කවුලුව

අන්ධකාරයම අතින් ගෙන


Monday, August 15, 2016

සිදාදිය


සිදාදිය

 

 

 

 

 

 

 

 

 

 

 

පෙළින් පෙළ අහසට නැගුණු

සුවිසල් මන්දිර

බැලු බැලු අත

ගහක් කොළක් නොමැති

කොන්ක‍්‍රීට් වනාන්තර

දවසේ වේතනය සොයා

හිස් ලු ලු අත දුවන

මිනිසුන්ගේ කාලගෝට්ටිය

තැනින් තැන

මතින් මත්ව රගන

උවැසි උවැසියන්ගේ රංග මණ්ඩප

සැනින් සැන පෙනෙන නොපෙනෙන

වීදි වීදියේ සන්දර්ශන 

විටින් විට නෙතෙහි දැවටුන

සුරලොවක විලසින

මෙයැයි අපුරු

සිදාදියක අරුමය






Wednesday, August 10, 2016

කීයක් හරි දෙනවද

කීයක් හරි දෙනවද

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සිය දහස් ලෙසින්
ගැවසෙන දනන් අතරේ
ඔබ යන්නේ කාසියක් සොයා
කීයක් හරි දෙනවද අනේ
මගේ මව් රෝගී කියා
පුංචි හිතට නෑ තේරුනේ
කාසිය මදියැයි කියා
දෙන දෙන එක බාරගන්නේ
එය මහමෙරයැයි සිතා
හිත උණුවන දනන් අනේ
පුංචි අතේ කාසි තියා
තියන තියන කාසිය ගෙන
හෙමි හෙමිහිට ගණන් කළා
මවට සුවය ගෙන දෙන්නට
කාසී තවත් මදියි කියා
අයැද සිටියි පුංචි පුතුන්
තව දෙනවද අනේ කියා

Friday, August 5, 2016

තරුණ්‍යය තුළින් ගොඩනැගුණු හිපි සංස්කෘතිය

තරුණ්‍යය තුළින් ගොඩනැගුණු හිපි සංස්කෘතිය


         

 

          මිනිසා යනු සංස්කෘතික සත්ත්වයකි. ඒ නිසාම ලෝකයේ අතිවිශාල සංස්කෘතින් ප‍්‍රමාණයක් එයටම අනන්‍ය වු සාධකයන් සමග පවතින බව හදුනාගත හැක. දැනට ලෝකයේ ගොඩනැගුනු මහා සංස්කෘතින්ට අමතරව ගොඩනැගුණු උප සංස්කෘතින්ද විශාල ප‍්‍රමාණයක් පවති. විවිධ අනන්‍යතාවයන් මත ගොඩනැගෙන මෙම සංස්කෘතින් අතර හිපි සංස්කෘතිය ප‍්‍රධාන සංස්කෘතික හර පද්ධතින්ද ඇතුළත්ව තමන්ට ආවේණික පරිදි ගොඩනගාගත් සමාජ හර පද්ධතියක් සහිත උප සංස්කෘතියක් ලෙස හදුනාගත හැක.

          නවසීලන්තය, ජපානය, මෙත්සිකෝව, බ‍්‍රසීලය, කැනඩාව යනාදි යුරෝපයේ බොහෝ රටවල මෙම සංස්කෘතිය ව්‍යාප්තව පැවතුනද මුලික වශයෙන් හිපි සංස්කෘතිය ප‍්‍රභවය වි ඇත්තේ ඇමරිකානු සමාජය තුළයි. එනම් 1960 සහ 1970 දශකයේ ඇමරිකාවේ සැන්පැන්සිස්කෝ සහ කැලිෆෝනියා නගර මුලික කර ගනිමින් කුඩා කණ්ඩායමක් ලෙස හිපි ප‍්‍රජාව බිහිව ඇත. මෙම ප‍්‍රජාව තරුණ කොටස් වලින් සමන්විත වු අතර මොවුන් විවිධ සමාජ පසුබිම් හා හේතුන් මත පවුල් හැරදා පැමිණි අය විය. එහිදි දෙමව්පියන් හා දරුවන්ගේ  අදහස් නොගැලපීම මත ඔවුන් අතර ඇතිවන ගැටුම් නිසා මෙන්ම සම වයස් කණ්ඩායම් සමග වෙනස් මාර්ගයක යාමට දක්වන කැමැත්ත මෙලෙස පැමිණිමට හේතුවී ඇත. හිපි සංස්කෘතිය ගොඩනැගීමේදි මුල් කාලයේ මෙය තරුණ ව්‍යාපාරයක් ලෙස නැගී සිටිමක් වශයෙන් හදුනාගත හැකිය. විශේෂයෙන්ම පොදු ස්ථාන හිපි තරුණ තරුණියන්ගේ වාසස්ථාන මෙන්ම රැුස්වීම් ශාලා බවට පත්ව ඇත.වීදි සහ උද්‍යාන වැඩි වශයෙන් මේ සදහා යොදා ගෙන තිබේ. සැන්පැන්සිස්කෝ Hight street, Ashbury යන වීදි භාවිතා කරමින් මොවුන් තම පළමු හඩ ලොවට අවදිකර ඇත. උත්සවාකාරයෙන් සිදුව ඇති මෙය Trips Festival ලෙසින් හදුන්වා ලැබීය. මෙයට සහභාගි වීමේදි ඔවුන් විකට ඇදුමෙන් සැරසි හෝ අඩ නිරුවතින් සහභාගි වී ඇත. හිපි නායකයන්ගෙන් සැදුම්ලත් මෙම උත්සවය සතියක පමණ කාලයක් පවත්වා ඇති අතර මෙහිදි ඇමරිකානු රජය මෙන්ම ලොව අනෙකුත් රටවල සිදුවන අසාධාරණ ක‍්‍රියා පිළිවෙත් පිළිබද සාකච්ඡ කර තිබේ. මෙය අධිරාජ්‍යවාදය සහ යුද්ධය නිසාවෙන් අසාධාරණයට ලක්වු තරුණ කොටස් වලට ජවයක්වී ඇත. එබැවින් බොහෝ තරුණ පිරිස් මෙන්ම විශ්වවිද්‍යාල තරුණ තරුණියෝ මෙයට එක්ව ඇති අතර හිපි සංස්කෘතිය ව්‍යාප්ත වීම කෙරෙහි එය බලපා අති බව හදුනාගත හැකිය. මෙම උත්සවය පුරාවටම ඔවුන්ට අනන්‍ය වු ක‍්‍රියාකාරකම් රැසක් සිදුව ඇති බව හදුනා ගැනේ. එහිදි පළමු වරට LSD   නම් මත්ද්‍රව්‍ය අත්හදා බැලීමත් Rock and blues සංගීතයට සවන් දීමත් නර්තනයේ යෙදීමත් විරුද්ධ ලිංගිකයන් සමග ආදරය කිරිම යනාදිය ප‍්‍රධාන තැනක් ගෙන තිබේ. මොවුන් ස්වභාව ධර්මය වෙත නැඔුරුව ඇති අතරම වැඩි පිරිසක් නිර්මාංශ ආහාර පරිභෝජනය සදුහා යොමුව ඇත. එහිදි පළතුරු වර්ග ධාන්‍ය වර්ග අල වර්ග පරිභෝජනයට පෙළඕ තිබේ. මොවුන්ගේ වාසස්ථාන වශයෙන් නිවෙස් ගොඩනගාගෙන ඇත්තේ වාහන වල අතුළු කොටස තුළය.  ඕනෑම පුද්ගලයකුට ඇතුල් වීමටත් පිටවීමටත් අවසර ලබාදී තිබීම සහ එය ස්ථීර වාසස්ථානයක් නොවීම විශේෂත්වයකි. මොවුන් අතර විලාසිතා බෙහෙවින් ප‍්‍රචලිත වී ඇති අතර කොණ්ඩා සහ ඇදුමි විලාසිතා ප‍්‍රධාන වී ඇත. මේවා කාලයෙන් කාලයට වෙනස්වීම් වලට ලක්ව තිබේන අතර විශේෂයෙන්ම විලාසිතා තුළ මලක්, වෘත්තයක් සහ ගංජා කොළයක් වැනි සංකේතයක් භාවිතා කර තිබේ. එපමණක් නොව නුල් වලින් සහ සිප්පිකටු වලින් සෑදු ආභරණ පැලද සිටීමත් එමගින් ආදරය සාමය මෙන්ම ලිංගිකත්වය සහ මත්ද්‍රව්‍යය යන්නද සංකේතවත් කර තිබේ. රතු කොළ සහ කහ පැහැය විලාසිතා සදහා යොදාගෙන තිබෙන අතර එම වර්ණයන් තුළින් විවිධ සංකේතයන් ඉදිරිපත් කරයි. කොළ පැහැය පරිසර හිතකාමි බවටත් රතු පැහැය ප‍්‍රබල බව හැගවීමටත් යොදාගෙන ඇත. විශේෂ අවස්ථාවන් සදහා නිරුවතින් මෙන්ම අඩනිරුවතින් සහභාගිවී ඇත. මේ සෑම දෙයක් තුළින්ම නිදහස් භාවය හැගවිමක් ලෙස සැලකෙන අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයම ශරිර අලංකරණ සදහා පච්ච කොටාගෙන තිබේ.
      

       හිපි තරුණ තරුණියන්ගේ ජිවිතයේ වැදගත් දේවල් ලෙස මත්ද්‍රව්‍ය මෙන්ම මර්ජුවානා LSD, Psilocybin, Mescaline   යනාදිය වැදගත් තැනක් ගෙන තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය ආගමික සංකල්පයක් ලෙස ගැනීමට මොවුන් උත්සහ ගෙන ඇත. මත්ද්‍රව්‍ය මෙන්ම සංගීතයද හිපි සංස්කෘතියේ ප‍්‍රධාන අංගයන්ව පවති. සෑම ආගමකම සංස්කෘතික විවිධත්වයන්ට මොවුන් කැමැත්තක් දක්වන අතර එය ඔවුන්ට අනන්‍ය වු දර්ශනය විය. ස්ත‍්‍රිය හා පුරුෂයා එක සාමාන බව පිළිගන්නා සේම අසිමිත ලිංගික නිදහසක් ඔවුන් සතුවේ. විවාහය සම්බන්ධව ප‍්‍රබල විරෝදයක් දක්වන අතරම විවාහය යනු ස්ත‍්‍රීන් වහල්භාවයට පත්කරන ක‍්‍රමයක් ලෙසින් හදුන්වයි. කාලීනව වෙනස් වීම් වලට ලක් වෙමින් යන මෙම හිපි සංස්කෘතිය Big brother, Big man යන නාමයන්ගෙන්ද හදුන්වනු ලැබීය.
    

         කාලයෙන් කලට විවිධ අනන්‍යතා ලක්ෂණ සහිත ගොඩනැගෙන සංස්කෘතින් හා එයට ආවේණික වු සාධකයන්ද දක්නට ලැබේ. මිනිසා නැමැති සත්ත්වයද ලෝකය තුූළ විවිධ දේ විවිධාකාරයෙන් තම ග‍්‍රහණයට නතුකර ගනි. එවන් තත්ත්වයක් තුළ තරුණ පිරිස් අතරින් ගොඩනැගි සංස්කෘතියක් ලෙසින් හිපි සංස්කෘතිය හදුනාගත හැකිවේ.



Wednesday, August 3, 2016

සරුංගලයක් කතා කරයි

සරුංගලයක් කතා කරයි









 

 

 

 

 

සුළං රොදේ පාව යන්න

මට අවසර දෙන්න

ඈත ඈත පියාඔලා

ආපහු  එන්න

නගේ මලේ නෑ කවදා

නුඔ  හැරදා  යන්න

අනේ ඉතින් ඔබ එනවද

මා  එක්කල යන්න

  

නිල්  අහසේ සැරිසරන්න කිව්ව මට එදා

දුක ශෝකෙයි පැටලීලා තුරු වදුලක මා

පුංච් දෝණි හැඩුවානේ මාව සොය සොයා

ආයේ නම් කවදාවත් යන්නේ නෑ දමා

ගොරහැඩි කලූ ගලට ජීවය දුන් කලාකරුවා

ගොරහැඩි කලූ ගලට ජීවය දුන් කලාකරුවා


              
  මං මගේ කතාවට මෙන්ම මෙහෙම පටන් ගන්න කැමතියි. ”සාර්ථක ගීතයක් පිටුපස උසස් සිතුවිල්ලක් පවති.” මෙය දුටු පමණින් ඔබට වැටෙහෙනවා ඇති මොකක්ද කියන්න යන්නේ කියලා. තවදුරටත් මම ගීතය කිියන්නේ මොකක්ද කියන එකට අර්ථකතනයන් දෙන්න යන්නේ නැහැ. මොකද ඔබ ගොඩනගාගත් අර්ථකතනයක් මෙයට තියෙන්න පුළුවන් නිසයි. මම අද මේ වගේ කතාවක් කියන්න අදහස් කළේ සාහිත්‍ය, කලාව තුළ කොතරම් ගීත, කවි, කතා ගෙතුනද, ගෙතී තිබේන හරවත් දේ තුළින් අරුතක් සොයා යන මිනිසුන්ටත් යමක් අවශ්‍ය නිසයි. මේක කතාවක් කිව්වට කතාවක්ම නෙවෙයි. මා පුළුල්ව කතා කළ හැකි සාහිත්‍යාංග, කලාංග පවතිද්දි ගීතය නැමැති කලාංගය පමණක් ලඝු කර ගත්තේ පදවැල්වලට ගෙතුනු  බොහෝ හරවත් දේ සිංහල ගීතය තුළ ලැගුම්ගත් නිසාවෙනි. නමුත් එයින් අදහස් වන්නේ අනෙකුත් කලාංග තුළ හරවත් දේ නොමැති බව නෙවෙයි. වින්දනයෙන් මානව හදවත් ස්පර්ශ කළ හැකි කලාංගයක් ලෙස එහි ප‍්‍රබලත්වය මනාව පසක් වන නිසයි. ලාංකවේ හැත්තෑව අසුව දශකයේ තුළ ගීතයේ ස්වර්ණමය යුගය සනිටුවන් වුවාට නම් සැකයක් නැත.  මොකද ගීතය ධනය උපයන මාධ්‍යයක් බවට පත් නොවන තාක්කල් ගීත සාහිත්‍යයට ස්වර්ණමය යුගයක් තිබු බව රහසක් නොවන නිසාවෙනි. මේ ස්වර්ණමය යුගය තුළ කිරුළ පලන් එක් ගීතයක් වෙත මගේ සිත ඇදි ගියේ එහි ගැඔුරු අර්ථය මා සිත්හි තදින්ම කා වැදුණු නිසාවෙනි.  රජි වසන්ත වෙල්ගම විසින් රචනා කළ රුවන් දර්ශන දිසානායක විසින් සංගීතවත් කළ සුනිල් එදිරිසිංහයන්ගෙන් ම්යුරු හඩින් සුගායනය වු මේ තරම් සියුමැලිද කලූගල්  ගීතයයි. එනම්

                                               මේ තරම් සියුමැලිද කලූ ගල්
                                               සිතන්නටවත් බැරි නිසා
                                               මම ගියා අව්කන බුදුුන්ටත්
                                               දෑස් දුන් මිනිසා සොයා
      
          
              මවාගත් කල්පිතයක් ඔස්සේ සිද්ධීන් එකිනෙක අමුණන රචකයා කියනුයේ අවුකන බුදුන්ටත් දෑස්දුන් මිනිසා සොයා යන බවයි. ගොරහැඩි වු ගල් පර්වතයක් මටසිලූටු කරමින් දැවැන්ත බුද්ධ ප‍්‍රතිමාවක් නිරිමාණය කරමින් එයට ජීවය ඔපවත් කළ ඔහු කළාකරුවෙක් විය යුතුය. මේ තරම් සියුමැලිද කලූ ගල් සිතන්නටවත් බැරි නිසා යන්නෙන් පැරණි කලා නිරිමාණයන්හි පවතින විශිෂ්ටත්වය මෙමගින් අපුරුවට කියාපායි. දැවැන්ත කලූගලකට බුද්්ධ ලීලාව ආරෝපනය කරමින් බුදුන්ගේ කරුණා මහිමය දෑස්වලට ගෙන ඒම තොරම් විශ්මය ජනක ක‍්‍රියාවක්ද යන වග කතුවරයා පසක් කරනුයේ කලාකරුවා සොයා යන ගමනේදිය.

         කලාකරුවා සොයා යන රචකයාට ඔහු දුක්බර ජීවිතයක් ගත කරන්නෙකි. ගල්කටුවද මිටියටද එක්කොට  අහස් කුස සිසාර යන දැවැන්ත ප‍්‍රතිමා නෙලූවද ඔහුට හිමි ජීවිතයේ සැගවුනු කටුකත්වයක් ඇතිවග රචකයා පසක්  කරනුයේ මෙලෙසිනි.


                                           කලා වැව ළග ඉලූක් හෙවනක
                                           මැටි පිලක පැදුරක් එලා
                                           රිදුමි පිරිමදිමින් බලයි ඔහු
                                           මැරෙන ඉපදෙන රළ දිහා
  

        ලෝකයේ අනිත්‍ය ධර්මය රැුළි මත්තේන් අවබෝධ කරගන්නා කලාකරුවා බලා සිටින්නේ මැරෙන ඉපදෙන රළ දෙසය. කලූගලකින් ගොඩනැගෙන බුදුරුවට ජීවය දෙන ඔහුට ජීවිතයේ  අනිත්‍ය බව හොදහැටි වැටහෙයි. කලා කෘතිය නිම කිරිමෙන්  දැනෙන වේදනාව ඔහුට ගෙන දෙන්නේ සැනසීමකි. ප‍්‍රස්තුත වු කලා කරුවාගේ ජීවිතය ගෙනෙන රචකයාගේ පදවැල් වලින් අපට සිතන්නට යමක් ඉතිරි කරයි. බොහෝවිට එදත් අදත් කලාකරුවාගේ ජිවිත බේදවාචකය. සිය දෑතින් නිමවුන බොහෝ නිරිමාණයන් ඉතිහාසගත වන්නේ අන්යන් නමින්ය. උදාහරණයක් ලෙස සීගිරිය නම් කාශ්‍යපයන් නමින්් ඉතිහාසයට එක්වෙද්දි එය නිර්මිත කලාකරුවා කොතැනද? ඔහුට ඇත්තේ රිදුම පමණද යන්න සිතන්නට නිර්මාණකරුවා දෙන ඉඩහසර කොතරම්ද?
    
 කලාකරුවාගේ ජිවිතයේ තවත් පැතිකඩක් වදන් වැල්වලට ගොතන රචකයා මවා ගන්නා කල්පිතයෙන් තවත් පියවරක් ඉදිරියට යයි. ඒ මෙසේය.

                                            ඉසුරු මුණියේ ඔබ තැනු
                                            පෙම්බරිය කොතැනද කියා
                                            මා ඇසුවිට හිනැහුනා ඔහු
                                            තාම තනිකඩ යැයි කියා

               රචකයා සිතනුයේ ඉසුරු මුණියේ කලූ ගල මත නෙලූ සුන්දරිය ඔහුගේ හදවතේ රැුදි රූපය බවයි. නමුත් කලාකරුවාගේ ජිවිතය තවමත් තනිකඩ බව  රචකයා පසක් කරනුයේ මෙලෙසිනි. ”මා ඇසු විට හිනැහුනා ඔහු තාම තනිකඩ යැයි කියා” යනුවෙනි. ආදරය කැටයමක් ලෙසින් කලූගලක සටහන් වුවද ඔහු තවමත් තනිකඩයකි යන වග මෙමගින් මනාව වැටහේ. කලාකරුවා කෙරෙහි දයානුකමිපාවක් ඇතිවන ආකාරයෙන් රචනා වන මෙම වදන් වැල් මතුපිට අර්ථය ඉක්මවා ගිය අරුතක් එක් කරයි. බොහෝ කලාකරුවන්ට නිර්මාණකරුවන්ට කලාංගයන් නිර්මාණයන් සදහා ප‍්‍රස්තුතය වන්නේ ජිවිත පරිඥානයන්ය. පසුව  එය පදවැල් ලෙසින් ගලාගෙන යන්නේය.
             
             බොහෝදෙනා නොදුටු කලාකරුවකුගේ ජිවිතයේ පැතිකඩයන් පදවැලට ගෙත්තම් කළ රචකයා සරල බස් වහරක් ඔස්සේ සියුම්ව ගෙන එන්නේ හදවතේ අපුරු සිතුවමක් චිත‍්‍රණය කරමිනි. මෙය කොතරමි අරුත්බර කතිකාවක්ද යන්නත් එයින් ලැබේන ආස්වාද කොපමණද යන්නත් මා අමුතුවෙන් ඔබට කිමට යන්නේද නැත. අද බිහිවන ගීතයන් තුළින් අර්ථවත් දෙයක් ඔබට ලැබේද යන්න ඔබම සිතා බැලිය යුතුය. සිය දහස් වරක් ඇසීමට තරම් සිත පෙළෙ ඕන මෙවන් ගී රචනා අද බිහිවන්නේ කීයෙන් කීයද?  එය සිතා බැලිය යුතුය. මෙය කතාවක් ලෙසින් පටන් ගත් මා කීවේ කතාවක්  නොවුනද එය කතාවක් ලෙසින්  හමාර කරන්නට කැමතිය.  මියුරු ගීතයක පදවැල් තවමත් එලෙසින්ම දෝංකාර දෙන බව නම් නොවනුමානය.