තුන්මංසල
තුන් මගක් යා කළ අපුරු නවාතැන්පල
Saturday, October 1, 2016
Tuesday, August 30, 2016
අයාලේ ගිය සිත
අයාලේ ගිය සිත
ගෙන හිසතෙක් වැසුණු
පොත් ගොඩක්
පොරකයි බලන්නට යමක්
පිසදමා නෙත් දෙකත්
නොනැවති එක් තැනක
සොයා දුවයි සිත
තවත් එක් නවාතැනක්
එකින් එක සිතෙහි මැවෙන
ගැටලු ලිහා මුදාහරින
සොයයි තැනක් ගිමන් හරින
සිත නොමැතිව එක තැනකම
වරින් වර නෙත් යොමා
බැලුවග පොත දෙසම
පෙරලී ඇතිමුත්
හොදහැටි පිටු ගණන
නැත කිසිවක් තාමත්
මතකයේ රැදුණු වග
සිත දුවයි මේ ලෙසින
අයාලේ නොනවතින
Saturday, August 27, 2016
ගිහිගෙය හැරයා හැකිද
ගිහිගෙය හැරයා හැකිද
සිද්ධාර්ථය
නුඔ මෙන් මං නුපන්නෙමි
රාජ වංසේක
එකින් එක සත්මහල්
තැනුනේ නෑ මෙමට
රසමසුලෙන් තැනෙන බෝජන
හිමි නොමැති අප වෙත
ඉතින් කෙසේ හැරයන්න ගිහිගෙය
හැරගියත් මෙමා ගිහිගෙය
නොමැති වන වග
දන්නෙහිය කුලිගෙය
අඔුව සමග දරුවෝ තනිවම
පෙලෙයි හාමතේ කිසිවක් නොමැතිව
අනාගතේ දෑතින් ගෙන
සිහින දකින පුංච් වුන්ට
නොබලා මා උන් හැමදෙන
කෙසේ යන්න හැර
ගිහිගෙය
Tuesday, August 23, 2016
කවියා
Thursday, August 18, 2016
කව්ලුව
කව්ලුව
දෙපියන් ඇර
පොළවට ගොඩක් උඩ
කව්ලුව ළගට ගිය
නැරඔුවා මා
ඇතුළ සිට පිටත
ඈත නොපෙනෙන
හෙල් කදු අතරින
හමා ආ මද නල
දැවටි ගියා මා ගතම
කිසිවෙක් නොපෙනෙන
කිසිවක් නොකිවු තැන
මොහොතක් බලා සිට
වසා දැමුවෙමි කවුලුව
අන්ධකාරයම අතින් ගෙන
Monday, August 15, 2016
සිදාදිය
සිදාදිය
පෙළින් පෙළ අහසට නැගුණු
සුවිසල් මන්දිර
බැලු බැලු අත
ගහක් කොළක් නොමැති
කොන්ක්‍රීට් වනාන්තර
දවසේ වේතනය සොයා
හිස් ලු ලු අත දුවන
මිනිසුන්ගේ කාලගෝට්ටිය
තැනින් තැන
මතින් මත්ව රගන
උවැසි උවැසියන්ගේ රංග මණ්ඩප
සැනින් සැන පෙනෙන නොපෙනෙන
වීදි වීදියේ සන්දර්ශන
විටින් විට නෙතෙහි දැවටුන
සුරලොවක විලසින
මෙයැයි අපුරු
සිදාදියක අරුමය
Wednesday, August 10, 2016
කීයක් හරි දෙනවද
කීයක් හරි දෙනවද
සිය දහස් ලෙසින්
ගැවසෙන දනන් අතරේ
ඔබ යන්නේ කාසියක් සොයා
කීයක් හරි දෙනවද අනේ
මගේ මව් රෝගී කියා
පුංචි හිතට නෑ තේරුනේ
කාසිය මදියැයි කියා
දෙන දෙන එක බාරගන්නේ
එය මහමෙරයැයි සිතා
හිත උණුවන දනන් අනේ
පුංචි අතේ කාසි තියා
තියන තියන කාසිය ගෙන
හෙමි හෙමිහිට ගණන් කළා
මවට සුවය ගෙන දෙන්නට
කාසී තවත් මදියි කියා
අයැද සිටියි පුංචි පුතුන්
තව දෙනවද අනේ කියා
Friday, August 5, 2016
තරුණ්‍යය තුළින් ගොඩනැගුණු හිපි සංස්කෘතිය
තරුණ්‍යය තුළින් ගොඩනැගුණු හිපි සංස්කෘතිය
මිනිසා යනු සංස්කෘතික සත්ත්වයකි. ඒ නිසාම ලෝකයේ අතිවිශාල සංස්කෘතින් ප්‍රමාණයක් එයටම අනන්‍ය වු සාධකයන් සමග පවතින බව හදුනාගත හැක. දැනට ලෝකයේ ගොඩනැගුනු මහා සංස්කෘතින්ට අමතරව ගොඩනැගුණු උප සංස්කෘතින්ද විශාල ප්‍රමාණයක් පවති. විවිධ අනන්‍යතාවයන් මත ගොඩනැගෙන මෙම සංස්කෘතින් අතර හිපි සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතික හර පද්ධතින්ද ඇතුළත්ව තමන්ට ආවේණික පරිදි ගොඩනගාගත් සමාජ හර පද්ධතියක් සහිත උප සංස්කෘතියක් ලෙස හදුනාගත හැක.
නවසීලන්තය, ජපානය, මෙත්සිකෝව, බ්‍රසීලය, කැනඩාව යනාදි යුරෝපයේ බොහෝ රටවල මෙම සංස්කෘතිය ව්‍යාප්තව පැවතුනද මුලික වශයෙන් හිපි සංස්කෘතිය ප්රභවය වි ඇත්තේ ඇමරිකානු සමාජය තුළයි. එනම් 1960 සහ 1970 දශකයේ ඇමරිකාවේ සැන්පැන්සිස්කෝ සහ කැලිෆෝනියා නගර මුලික කර ගනිමින් කුඩා කණ්ඩායමක් ලෙස හිපි ප්‍රජාව බිහිව ඇත. මෙම ප්‍රජාව තරුණ කොටස් වලින් සමන්විත වු අතර මොවුන් විවිධ සමාජ පසුබිම් හා හේතුන් මත පවුල් හැරදා පැමිණි අය විය. එහිදි දෙමව්පියන් හා දරුවන්ගේ අදහස් නොගැලපීම මත ඔවුන් අතර ඇතිවන ගැටුම් නිසා මෙන්ම සම වයස් කණ්ඩායම් සමග වෙනස් මාර්ගයක යාමට දක්වන කැමැත්ත මෙලෙස පැමිණිමට හේතුවී ඇත. හිපි සංස්කෘතිය ගොඩනැගීමේදි මුල් කාලයේ මෙය තරුණ ව්‍යාපාරයක් ලෙස නැගී සිටිමක් වශයෙන් හදුනාගත හැකිය. විශේෂයෙන්ම පොදු ස්ථාන හිපි තරුණ තරුණියන්ගේ වාසස්ථාන මෙන්ම රැුස්වීම් ශාලා බවට පත්ව ඇත.වීදි සහ උද්‍යාන වැඩි වශයෙන් මේ සදහා යොදා ගෙන තිබේ. සැන්පැන්සිස්කෝ Hight street, Ashbury යන වීදි භාවිතා කරමින් මොවුන් තම පළමු හඩ ලොවට අවදිකර ඇත. උත්සවාකාරයෙන් සිදුව ඇති මෙය Trips Festival ලෙසින් හදුන්වා ලැබීය. මෙයට සහභාගි වීමේදි ඔවුන් විකට ඇදුමෙන් සැරසි හෝ අඩ නිරුවතින් සහභාගි වී ඇත. හිපි නායකයන්ගෙන් සැදුම්ලත් මෙම උත්සවය සතියක පමණ කාලයක් පවත්වා ඇති අතර මෙහිදි ඇමරිකානු රජය මෙන්ම ලොව අනෙකුත් රටවල සිදුවන අසාධාරණ ක්‍රියා පිළිවෙත් පිළිබද සාකච්ඡ කර තිබේ. මෙය අධිරාජ්‍යවාදය සහ යුද්ධය නිසාවෙන් අසාධාරණයට ලක්වු තරුණ කොටස් වලට ජවයක්වී ඇත. එබැවින් බොහෝ තරුණ පිරිස් මෙන්ම විශ්වවිද්‍යාල තරුණ තරුණියෝ මෙයට එක්ව ඇති අතර හිපි සංස්කෘතිය ව්‍යාප්ත වීම කෙරෙහි එය බලපා අති බව හදුනාගත හැකිය. මෙම උත්සවය පුරාවටම ඔවුන්ට අනන්‍ය වු ක්‍රියාකාරකම් රැසක් සිදුව ඇති බව හදුනා ගැනේ. එහිදි පළමු වරට LSD නම් මත්ද්‍රව්‍ය අත්හදා බැලීමත් Rock and blues සංගීතයට සවන් දීමත් නර්තනයේ යෙදීමත් විරුද්ධ ලිංගිකයන් සමග ආදරය කිරිම යනාදිය ප්‍රධාන තැනක් ගෙන තිබේ. මොවුන් ස්වභාව ධර්මය වෙත නැඔුරුව ඇති අතරම වැඩි පිරිසක් නිර්මාංශ ආහාර පරිභෝජනය සදුහා යොමුව ඇත. එහිදි පළතුරු වර්ග ධාන්‍ය වර්ග අල වර්ග පරිභෝජනයට පෙළඕ තිබේ. මොවුන්ගේ වාසස්ථාන වශයෙන් නිවෙස් ගොඩනගාගෙන ඇත්තේ වාහන වල අතුළු කොටස තුළය. ඕනෑම පුද්ගලයකුට ඇතුල් වීමටත් පිටවීමටත් අවසර ලබාදී තිබීම සහ එය ස්ථීර වාසස්ථානයක් නොවීම විශේෂත්වයකි. මොවුන් අතර විලාසිතා බෙහෙවින් ප්‍රචලිත වී ඇති අතර කොණ්ඩා සහ ඇදුමි විලාසිතා ප්‍රධාන වී ඇත. මේවා කාලයෙන් කාලයට වෙනස්වීම් වලට ලක්ව තිබේන අතර විශේෂයෙන්ම විලාසිතා තුළ මලක්, වෘත්තයක් සහ ගංජා කොළයක් වැනි සංකේතයක් භාවිතා කර තිබේ. එපමණක් නොව නුල් වලින් සහ සිප්පිකටු වලින් සෑදු ආභරණ පැලද සිටීමත් එමගින් ආදරය සාමය මෙන්ම ලිංගිකත්වය සහ මත්ද්‍රව්‍යය යන්නද සංකේතවත් කර තිබේ. රතු කොළ සහ කහ පැහැය විලාසිතා සදහා යොදාගෙන තිබෙන අතර එම වර්ණයන් තුළින් විවිධ සංකේතයන් ඉදිරිපත් කරයි. කොළ පැහැය පරිසර හිතකාමි බවටත් රතු පැහැය ප්‍රබල බව හැගවීමටත් යොදාගෙන ඇත. විශේෂ අවස්ථාවන් සදහා නිරුවතින් මෙන්ම අඩනිරුවතින් සහභාගිවී ඇත. මේ සෑම දෙයක් තුළින්ම නිදහස් භාවය හැගවිමක් ලෙස සැලකෙන අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයම ශරිර අලංකරණ සදහා පච්ච කොටාගෙන තිබේ.
හිපි තරුණ තරුණියන්ගේ ජිවිතයේ වැදගත් දේවල් ලෙස මත්ද්‍රව්‍ය මෙන්ම මර්ජුවානා LSD, Psilocybin, Mescaline යනාදිය වැදගත් තැනක් ගෙන තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය ආගමික සංකල්පයක් ලෙස ගැනීමට මොවුන් උත්සහ ගෙන ඇත. මත්ද්‍රව්‍ය මෙන්ම සංගීතයද හිපි සංස්කෘතියේ ප්‍රධාන අංගයන්ව පවති. සෑම ආගමකම සංස්කෘතික විවිධත්වයන්ට මොවුන් කැමැත්තක් දක්වන අතර එය ඔවුන්ට අනන්‍ය වු දර්ශනය විය. ස්ත්‍රිය හා පුරුෂයා එක සාමාන බව පිළිගන්නා සේම අසිමිත ලිංගික නිදහසක් ඔවුන් සතුවේ. විවාහය සම්බන්ධව ප්‍රබල විරෝදයක් දක්වන අතරම විවාහය යනු ස්ත්‍රීන් වහල්භාවයට පත්කරන ක්‍රමයක් ලෙසින් හදුන්වයි. කාලීනව වෙනස් වීම් වලට ලක් වෙමින් යන මෙම හිපි සංස්කෘතිය Big brother, Big man යන නාමයන්ගෙන්ද හදුන්වනු ලැබීය.
කාලයෙන් කලට විවිධ අනන්‍යතා ලක්ෂණ සහිත ගොඩනැගෙන සංස්කෘතින් හා එයට ආවේණික වු සාධකයන්ද දක්නට ලැබේ. මිනිසා නැමැති සත්ත්වයද ලෝකය තුූළ විවිධ දේ විවිධාකාරයෙන් තම ග්‍රහණයට නතුකර ගනි. එවන් තත්ත්වයක් තුළ තරුණ පිරිස් අතරින් ගොඩනැගි සංස්කෘතියක් ලෙසින් හිපි සංස්කෘතිය හදුනාගත හැකිවේ.
Wednesday, August 3, 2016
සරුංගලයක් කතා කරයි
සරුංගලයක් කතා කරයි
සුළං රොදේ පාව යන්න
මට අවසර දෙන්න
ඈත ඈත පියාඔලා
ආපහු එන්න
නගේ මලේ නෑ කවදා
නුඔ හැරදා යන්න
අනේ ඉතින් ඔබ එනවද
මා එක්කල යන්න
නිල් අහසේ සැරිසරන්න කිව්ව මට එදා
දුක ශෝකෙයි පැටලීලා තුරු වදුලක මා
පුංච් දෝණි හැඩුවානේ මාව සොය සොයා
ආයේ නම් කවදාවත් යන්නේ නෑ දමා
ගොරහැඩි කලූ ගලට ජීවය දුන් කලාකරුවා
ගොරහැඩි කලූ ගලට ජීවය දුන් කලාකරුවා
මං මගේ කතාවට මෙන්ම මෙහෙම පටන් ගන්න කැමතියි. ”සාර්ථක ගීතයක් පිටුපස උසස් සිතුවිල්ලක් පවති.” මෙය දුටු පමණින් ඔබට වැටෙහෙනවා ඇති මොකක්ද කියන්න යන්නේ කියලා. තවදුරටත් මම ගීතය කිියන්නේ මොකක්ද කියන එකට අර්ථකතනයන් දෙන්න යන්නේ නැහැ. මොකද ඔබ ගොඩනගාගත් අර්ථකතනයක් මෙයට තියෙන්න පුළුවන් නිසයි. මම අද මේ වගේ කතාවක් කියන්න අදහස් කළේ සාහිත්‍ය, කලාව තුළ කොතරම් ගීත, කවි, කතා ගෙතුනද, ගෙතී තිබේන හරවත් දේ තුළින් අරුතක් සොයා යන මිනිසුන්ටත් යමක් අවශ්‍ය නිසයි. මේක කතාවක් කිව්වට කතාවක්ම නෙවෙයි. මා පුළුල්ව කතා කළ හැකි සාහිත්‍යාංග, කලාංග පවතිද්දි ගීතය නැමැති කලාංගය පමණක් ලඝු කර ගත්තේ පදවැල්වලට ගෙතුනු බොහෝ හරවත් දේ සිංහල ගීතය තුළ ලැගුම්ගත් නිසාවෙනි. නමුත් එයින් අදහස් වන්නේ අනෙකුත් කලාංග තුළ හරවත් දේ නොමැති බව නෙවෙයි. වින්දනයෙන් මානව හදවත් ස්පර්ශ කළ හැකි කලාංගයක් ලෙස එහි ප්‍රබලත්වය මනාව පසක් වන නිසයි. ලාංකවේ හැත්තෑව අසුව දශකයේ තුළ ගීතයේ ස්වර්ණමය යුගය සනිටුවන් වුවාට නම් සැකයක් නැත. මොකද ගීතය ධනය උපයන මාධ්‍යයක් බවට පත් නොවන තාක්කල් ගීත සාහිත්‍යයට ස්වර්ණමය යුගයක් තිබු බව රහසක් නොවන නිසාවෙනි. මේ ස්වර්ණමය යුගය තුළ කිරුළ පලන් එක් ගීතයක් වෙත මගේ සිත ඇදි ගියේ එහි ගැඔුරු අර්ථය මා සිත්හි තදින්ම කා වැදුණු නිසාවෙනි. රජි වසන්ත වෙල්ගම විසින් රචනා කළ රුවන් දර්ශන දිසානායක විසින් සංගීතවත් කළ සුනිල් එදිරිසිංහයන්ගෙන් ම්යුරු හඩින් සුගායනය වු මේ තරම් සියුමැලිද කලූගල් ගීතයයි. එනම්
මේ තරම් සියුමැලිද කලූ ගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අව්කන බුදුුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අව්කන බුදුුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
මවාගත් කල්පිතයක් ඔස්සේ සිද්ධීන් එකිනෙක අමුණන රචකයා කියනුයේ අවුකන බුදුන්ටත් දෑස්දුන් මිනිසා සොයා යන බවයි. ගොරහැඩි වු ගල් පර්වතයක් මටසිලූටු කරමින් දැවැන්ත බුද්ධ ප්‍රතිමාවක් නිරිමාණය කරමින් එයට ජීවය ඔපවත් කළ ඔහු කළාකරුවෙක් විය යුතුය. මේ තරම් සියුමැලිද කලූ ගල් සිතන්නටවත් බැරි නිසා යන්නෙන් පැරණි කලා නිරිමාණයන්හි පවතින විශිෂ්ටත්වය මෙමගින් අපුරුවට කියාපායි. දැවැන්ත කලූගලකට බුද්්ධ ලීලාව ආරෝපනය කරමින් බුදුන්ගේ කරුණා මහිමය දෑස්වලට ගෙන ඒම තොරම් විශ්මය ජනක ක්‍රියාවක්ද යන වග කතුවරයා පසක් කරනුයේ කලාකරුවා සොයා යන ගමනේදිය.
කලාකරුවා සොයා යන රචකයාට ඔහු දුක්බර ජීවිතයක් ගත කරන්නෙකි. ගල්කටුවද මිටියටද එක්කොට අහස් කුස සිසාර යන දැවැන්ත ප්‍රතිමා නෙලූවද ඔහුට හිමි ජීවිතයේ සැගවුනු කටුකත්වයක් ඇතිවග රචකයා පසක් කරනුයේ මෙලෙසිනි.
කලාකරුවා සොයා යන රචකයාට ඔහු දුක්බර ජීවිතයක් ගත කරන්නෙකි. ගල්කටුවද මිටියටද එක්කොට අහස් කුස සිසාර යන දැවැන්ත ප්‍රතිමා නෙලූවද ඔහුට හිමි ජීවිතයේ සැගවුනු කටුකත්වයක් ඇතිවග රචකයා පසක් කරනුයේ මෙලෙසිනි.
කලා වැව ළග ඉලූක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුමි පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැටි පිලක පැදුරක් එලා
රිදුමි පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
ලෝකයේ අනිත්‍ය ධර්මය රැුළි මත්තේන් අවබෝධ කරගන්නා කලාකරුවා බලා සිටින්නේ මැරෙන ඉපදෙන රළ දෙසය. කලූගලකින් ගොඩනැගෙන බුදුරුවට ජීවය දෙන ඔහුට ජීවිතයේ අනිත්‍ය බව හොදහැටි වැටහෙයි. කලා කෘතිය නිම කිරිමෙන් දැනෙන වේදනාව ඔහුට ගෙන දෙන්නේ සැනසීමකි. ප්රස්තුත වු කලා කරුවාගේ ජීවිතය ගෙනෙන රචකයාගේ පදවැල් වලින් අපට සිතන්නට යමක් ඉතිරි කරයි. බොහෝවිට එදත් අදත් කලාකරුවාගේ ජිවිත බේදවාචකය. සිය දෑතින් නිමවුන බොහෝ නිරිමාණයන් ඉතිහාසගත වන්නේ අන්යන් නමින්ය. උදාහරණයක් ලෙස සීගිරිය නම් කාශ්‍යපයන් නමින්් ඉතිහාසයට එක්වෙද්දි එය නිර්මිත කලාකරුවා කොතැනද? ඔහුට ඇත්තේ රිදුම පමණද යන්න සිතන්නට නිර්මාණකරුවා දෙන ඉඩහසර කොතරම්ද?
කලාකරුවාගේ ජිවිතයේ තවත් පැතිකඩක් වදන් වැල්වලට ගොතන රචකයා මවා ගන්නා කල්පිතයෙන් තවත් පියවරක් ඉදිරියට යයි. ඒ මෙසේය.
ඉසුරු මුණියේ ඔබ තැනු
පෙම්බරිය කොතැනද කියා
මා ඇසුවිට හිනැහුනා ඔහු
තාම තනිකඩ යැයි කියා
පෙම්බරිය කොතැනද කියා
මා ඇසුවිට හිනැහුනා ඔහු
තාම තනිකඩ යැයි කියා
රචකයා සිතනුයේ ඉසුරු මුණියේ කලූ ගල මත නෙලූ සුන්දරිය ඔහුගේ හදවතේ රැුදි රූපය බවයි. නමුත් කලාකරුවාගේ ජිවිතය තවමත් තනිකඩ බව රචකයා පසක් කරනුයේ මෙලෙසිනි. ”මා ඇසු විට හිනැහුනා ඔහු තාම තනිකඩ යැයි කියා” යනුවෙනි. ආදරය කැටයමක් ලෙසින් කලූගලක සටහන් වුවද ඔහු තවමත් තනිකඩයකි යන වග මෙමගින් මනාව වැටහේ. කලාකරුවා කෙරෙහි දයානුකමිපාවක් ඇතිවන ආකාරයෙන් රචනා වන මෙම වදන් වැල් මතුපිට අර්ථය ඉක්මවා ගිය අරුතක් එක් කරයි. බොහෝ කලාකරුවන්ට නිර්මාණකරුවන්ට කලාංගයන් නිර්මාණයන් සදහා ප්රස්තුතය වන්නේ ජිවිත පරිඥානයන්ය. පසුව එය පදවැල් ලෙසින් ගලාගෙන යන්නේය.
බොහෝදෙනා නොදුටු කලාකරුවකුගේ ජිවිතයේ පැතිකඩයන් පදවැලට ගෙත්තම් කළ රචකයා සරල බස් වහරක් ඔස්සේ සියුම්ව ගෙන එන්නේ හදවතේ අපුරු සිතුවමක් චිත්රණය කරමිනි. මෙය කොතරමි අරුත්බර කතිකාවක්ද යන්නත් එයින් ලැබේන ආස්වාද කොපමණද යන්නත් මා අමුතුවෙන් ඔබට කිමට යන්නේද නැත. අද බිහිවන ගීතයන් තුළින් අර්ථවත් දෙයක් ඔබට ලැබේද යන්න ඔබම සිතා බැලිය යුතුය. සිය දහස් වරක් ඇසීමට තරම් සිත පෙළෙ ඕන මෙවන් ගී රචනා අද බිහිවන්නේ කීයෙන් කීයද? එය සිතා බැලිය යුතුය. මෙය කතාවක් ලෙසින් පටන් ගත් මා කීවේ කතාවක් නොවුනද එය කතාවක් ලෙසින් හමාර කරන්නට කැමතිය. මියුරු ගීතයක පදවැල් තවමත් එලෙසින්ම දෝංකාර දෙන බව නම් නොවනුමානය.
Sunday, July 31, 2016
ආදරණිය මැන්ඩේලා
Friday, July 29, 2016
ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ
ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ
බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ
එඞ්වඞ් ජයකොඩියන්ගේ සහ මාලනි බුලත්සිහලගේ මියුරු හඩින් සුගායනය වු මේ අපුරු ගීතය එකවරම මගේ සවන වැකුණේය. මොහොතක් ඒ ගැන කල්පනා කළ මට සිතුනේ සමාජ යථාර්ථයන් මානව හදවත්වලට කාවැද්දීමට ගීතය කොතරම් ප්ර්රබලද යන්නය. ආශ්වාදනීය ලෙස මානව හදවත්වලට ආමන්ත්‍රණය කිරිමේ හැකියාවක් ගීපද රචකයාට මෙන්ම ගායකයාටද හිමිය. එබැව්න් පදයකින් අරුත් සොයා යන්නන්ටද මෙය එදත් අදත් හෙටත් එලෙසින්ම ගැයෙනු නොවනුමානය. කොතරම් කවී ගී ගැයුනද වැයුනද මිනිසා නොවෙනස් වන්නේය. නමුත් මිනිසා නැමැති සත්ත්වයා වනචාරි යුගෙයෙන් මිදි ශිෂ්ඨ සම්පන්න සමාජයකට පා තැබුුවේ අද ඊයේ නොවේ. කෙසේ වෙතත් අද ශිෂ්ඨ සම්පන්න මානවයෙක්ද යන බවද ඔවුන්ටම අමතකව ගොස් ඇත. අවුරුදු දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට උරුම කම් කියන ලාංකීය සමාජයක මිනිසුන්ගේ සමාජ යහගුණයන් අනෙක් රටකට දෙවැනි නොවන්නේය. එය කියමන එලෙසින්ම අදටත් හෙටටත් වලංගු වන්නේද යන්නය සිතා බැලිය යුතුව ඇත. මිනිසා ගතිකය. ඒ ගතිකත්වය ඉස්මතු කරමින් අද බොහෝ දෙනා ජීවය දුන් මව පියා මරා සැනසිමට පවා සාහසික වන්නේ්ය. ලෝකය නොනැවති ගමන් කරයි. ඒ ගමනට හසුවන මිනිසාද නොනැවති ගමන් කරයි. නිමක් නොවන මේ කතර තුළ මිනිසුන් පොර බදන්නේ තමා රැුකෙන්ට මිස අනෙකා රකින්නට නොවේය. ඒ තුළ මානව ගුණ දම් ඔහු වෙතින් පලා යන්නේ ඔහුටත් නොදැනීමය. බුදු ගුණ ගැයෙන වැයෙන රටේ ඒ සියල්ල බිරී අලින්ට වීනා වයන්නාසේය. එමගින් සපල කරන්නේ ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ බවය. කිසිවක් හරිහැටි මායිම් නොකරණ මිනිසුන්ට අවැසි වන්නේ සමාජ ගුණ ධර්මයන් නොවය. කොතරම් ධර්මයේ අනුහස් කිවුවද එයින් පලක් නොවන්නේය. ඒ ධර්මයම ඇසුරු කරමින් කරන්නේ අයහපතය. දිනෙන් දින අසන්නට දකින්නට ලැබෙන්නේ මිනිසුන්ගේ නොකටයුතුකම්ය. මානවයා මෙතරම් ඉක්මනින් පිරිහිමෙන් පිරිහිමට පත්වන්නේ කුමක් හේතුවෙන්ද? ඔවුනට නිතිපතා ඇසීමට දැනීමට ලැබෙන්නේ සුභවාදී දේද? මේවැනි ප්‍රශ්න රාශියකට තවමත් වීසදුම් නොමැති රටේ ගමන තවදුරටත් මෙලෙසමය. එහෙත් මෙලෙස කියා බලා සිටිමේද පලයක් නොමැත. ගද ගසන පල් වු මඩ ගොහොරුවකද සුවදවත් මල් සුපිපෙන්නේය. එසේම පිරිහිනු සමාජයේද යහ ගති පැවතුම් ඇත්තන්ද නැතුවාම නොවේය. කිරි කලයකට ගොම බිදුවක් වැටුනු ව්ට මුළු කිරි කලයම ව්නාශ වන්නේය. එලෙසම සමාජයේ පිරිසකගේ පිරිහි ගිය ගතිපැවතුම් සමාජයටම කොඩි ව්නයක් වන්නේය. මිනිසා මිනිසා විසින්ම ගොඩනැගෙනු ව්නා කිසිවකු එය කළ යුත්තක්ද නොවන්නේය. එබැව්න් මා මෙය මෙලෙස හමාර කරන්නට කැමතිය.
සිරිත් වීරිත් යහගුණෙන් පිරිගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉරහද යට හිනහෙන දවසක්
යළි කවදත් නේවීද මන්දා
Tuesday, July 26, 2016
ක්ෂණික ආහාර ගැනීම තුළින් ඔබට ක්ෂණිකව ඇතිවෙන අතුරුඵල
ක්ෂණික ආහාර ගැනීම තුළින් ඔබට ක්ෂණිකව ඇතිවෙන අතුරුඵල
අද කාන්තාවන් වැඩි පිරිසක් කාර්යබහුල ජිවිතයක් ගතකරන බැවින් ඔවුන් වැඩිදෙනකු තමාගේ සහ පවුලේ ආහාර වේල් සම්බන්ධයෙන් යොමුකරන අවධානය යම් මට්ටමක අඩු වීමක් දක්නට ලැබේනවා. එවගේම තමාගේ මෙන්ම රැකියාවට යන ස්වාමිපුරුෂයාගේ, පාසල් යන දුවගේ පුතාගේ ආහාර වේල සකස් කරද්දි ඇයට කාලය ප්‍රශ්නයක් වේලා තියෙන නිසා බොහෝ විට ක්ෂණික ආහාර වේලකට යොමුවීමේ ප්‍රවණතාවයක් දක්නට පුළුවන්. නමුත් මෙම ක්ෂණික ආහාර එහෙමත් නැතිනම් Fast food තවත් ආකාරයකින් කිවහොත් Junk food ශරීරයට අහිතකර දෙයක් බව කොයිකවුරුත් අසා ඇති දෙයක්. එසේම මේ ගැන කොච්චර දැනුවත් වුවත් අපනශාලාවකට ගොඩවෙන ඔබට එහි තිබේන නොයෙක් ආකාරයේ ආහාර දුටු විට එය රසවිදිමට සිතෙන එක නම් සාමාන්‍ය දෙයක්.
ඔබ දන්නවාද? ක්ෂණික ආහාර වශයෙන් හදුන්වන්නේ අවශ්‍ය ප්‍රමාණයට පෝෂපදාර්ථ නොලැබේන ශරීරයට අහිතකර සංඝටක බහුලව පිළියෙල කර ඇති ආහාරයි. ඒවා සෝටී්රස්, පීට්සා, රෝ්ල්ස්, පේ්රස්ටි, කට්ලට්, බනිස් වර්ග, නූඞ්ලස් සේම බීම වර්ග වැනි දෙයක් විය හැකියි. අද ලොකු කුඩා සෑම කෙනෙක්ම මේ ක්ෂණික ආහාරවලට පෙළඔී සිටිමක් දක්නට පුළුවන්. සාමන්‍යයෙන් දිනකට වේල් තුනෙන් එක වේලකට හෝ ක්ෂණික ආහාර ගන්නා පුද්ගලයකු සොයාගත හැකියි. එබැවින් මෙය පුද්ගලයකුගේ ආර්ථිකයට මෙන්ම ශරීරයට වින කරන්නක් බව කවුරුත් විශ්වාස නොකරන අතර දිව පිනවීමට අප ගන්නා මෙවැනි ආහාර කෙටි කාලයක් තුළදි අපට විවිධ අතුරුඵල ගෙන එමින් නොදැනීම රෝගීන් බවට පත් කරයි.
මෙම ක්ෂණික ආහාරවල තෙල්, ලූණු සහ සීනි බහුලව තිබේ. මෙහි විටමින් ඛනිජ ලවන සහ කෙදි අඩුය. ඒ නිසා ක්ෂණික ආහාර වේලක් තුළින් ලැබෙන්නේ අසමතුලිත පෝෂණයකි. එබැවින් සිරුර තුළ යම් යම් වෙනස්කම් ඇතිවන අතර පරිවෘත්තිය ක්‍රියාවලියේද වෙනස්කම් ඇති වේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සිරුරේ බර වැඩි වීමත් අධික තරබාරුව ඇති වීමත්ය. පරිභෝජනය කරන්නන් මෙවැනි විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වනවා පමණක් නොව සීඝ්රයෙන් බෝනොවන රෝග සදහා මෙය හේතු කාරකයක් වන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුව ඇත.
ක්ෂණික ආහාර වල වැඩි වශයෙන් මේදය හෝ තෙල් අඩංගුව ඇති බැවින් පරිභෝජනය කරන පුද්ගලයන් දියවැඩියාව, කොලොස්ටර්රෝල්, හෘදයාබාධ වැනි රෝගී තත්ත්වයන්ට ලක් වීම දැක ගතහැකියි. විශේෂයෙන්ම මෙහි මේදය නිසා ආහාරයට ගන්නන්ගේ රුධිර නාල අවහිර වේ. ඒ තුළ පුද්ගලයන් ඉක්මනින්ම හෘදයාබාධ වැනි අහිතකර රෝගී තත්ත්වයන්ට ලක්වේ.
මේ ආහාරවල අඩංගු සීනි මට්ටම ඉහල නිසා ඔබේ සිරුරේ ෙසෙල වලට සීනි උරා ගැනීම ඉහල යයි. එහිදි ඔබේ සිරුරේ ෙසෙල වලට සීනි උරා ගැනීම ඉහල යන අතරම රුධිරයේ සීනි මට්ටම කෙටි කාලයක් තුළ විශාල ලෙස පහල යයි. මේ හේතුව නිසා ශරීරයට මහන්සි ගතියක් මෙන්ම අපහසු ගතියක් ඇතිවෙයි.
ක්ෂණික ආහාර ගන්නා පිරිස අතරේ ළමුන්ද වැඩි පිරිසකි. දෙමවිපියන් පෙරපාසල් අධ්‍යාපනයේ සිටම විවිධ උපකාරක පන්තිවලට ගෙන යන බැවින් දරුවන්ට කෑමට බීමට තිබෙන්නේ අවම කාලයකි. බොහෝ වේලාවල් වලදි දෙමව්පියන් කරනුයේ දරුවාට ක්ෂණික ආහාරයක් ලබාදීමය. මෙමගින් ලැබෙන්නේ ක්ෂණික ශක්තියකි. ඒ තුළ ලැබේන පෝෂණය අඩු වීම මෙන්ම දරුවාගේ නිසි වර්ධනයක්ද සිදු නොවේ. දරුවා මේ නිසා මන්දපෝෂණ තත්වයන්ට ගොදුරුවනවා පමණක් නොව දරුවාගේ මොළය වර්ධනය වීමේ තත්ත්වයන්ටද බලපෑම් එල්ල විය හැකියි.
සමාජයේ මන්ද පෝෂණය ඉහල යාම සදහා ආසන්න සාධයක් ලෙස අද ක්ෂණික ආහාර භාවිතය පත්ව තිබේ. ක්ෂණික ආහාර ගැනිමේදි බොහෝ විට ලබා ගන්නා පුද්ගලයා එය කාර්යාලයේදි, අතරමගද,ි වාහනයකදි, මෙන්ම මහමගදි ලබා ගන්නා අවස්ථාවන් දැක ගත හැකියි. තනි තනි වශයෙන් ආහාර ලබාගන්නා ඔවුන්ට පවුලක සියලූ දෙනා එකතු වී ආහාර ලබා ගැනීමට තිබේන අවස්ථාව මෙමගින් මගහැරි යයි. එය පවුලේ එකමුතුකමට සහයෝගීතාවයට මෙන්ම සියලූ දෙනාට එකතු වී කතා බහ කිරිමට තිබේන හොදම අවස්ථාවටද බාධාවක් වේ.එමගින් නොදැනුවත්ම පවුලේ එකමුතුකමද දෙදරා යාමට ඉඩ තිබේ. නොදැනුවත්ම ඔබගේ අතේ තිබේන මුදලද විනාශ වීමට හේතුවේ.
ක්ෂණික ආහාර ගැනීම තුලින් ශරීරයට මෙන්ම ආර්ථිකයට හානි සිදුවන බව දැන සිටියත් ඔබ විවිධ අවස්ථාවල මොහොතකට එය අමතක කර දමා මෙම ආහාර පරිභෝජනයට පෙළෙඔයි. ඒ තුළ ඔබට පැමිණෙන අතුරුඵලයන් වැඩි වනවා මිස අඩු විමක් නොමැත. එබැවින් ඔබ දිනපතා පෝෂදායි සමබර ආහාර වේලක් ලබා ගැනිමට කටයුතු කරයි නම් ඔබට පැමිණෙන අනතුරුදායක තත්ත්වයන්ගෙන් වැලකි යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හිමි කරගත හැකියි
ඔබ දන්නවාද? ක්ෂණික ආහාර වශයෙන් හදුන්වන්නේ අවශ්‍ය ප්‍රමාණයට පෝෂපදාර්ථ නොලැබේන ශරීරයට අහිතකර සංඝටක බහුලව පිළියෙල කර ඇති ආහාරයි. ඒවා සෝටී්රස්, පීට්සා, රෝ්ල්ස්, පේ්රස්ටි, කට්ලට්, බනිස් වර්ග, නූඞ්ලස් සේම බීම වර්ග වැනි දෙයක් විය හැකියි. අද ලොකු කුඩා සෑම කෙනෙක්ම මේ ක්ෂණික ආහාරවලට පෙළඔී සිටිමක් දක්නට පුළුවන්. සාමන්‍යයෙන් දිනකට වේල් තුනෙන් එක වේලකට හෝ ක්ෂණික ආහාර ගන්නා පුද්ගලයකු සොයාගත හැකියි. එබැවින් මෙය පුද්ගලයකුගේ ආර්ථිකයට මෙන්ම ශරීරයට වින කරන්නක් බව කවුරුත් විශ්වාස නොකරන අතර දිව පිනවීමට අප ගන්නා මෙවැනි ආහාර කෙටි කාලයක් තුළදි අපට විවිධ අතුරුඵල ගෙන එමින් නොදැනීම රෝගීන් බවට පත් කරයි.
මෙම ක්ෂණික ආහාරවල තෙල්, ලූණු සහ සීනි බහුලව තිබේ. මෙහි විටමින් ඛනිජ ලවන සහ කෙදි අඩුය. ඒ නිසා ක්ෂණික ආහාර වේලක් තුළින් ලැබෙන්නේ අසමතුලිත පෝෂණයකි. එබැවින් සිරුර තුළ යම් යම් වෙනස්කම් ඇතිවන අතර පරිවෘත්තිය ක්‍රියාවලියේද වෙනස්කම් ඇති වේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සිරුරේ බර වැඩි වීමත් අධික තරබාරුව ඇති වීමත්ය. පරිභෝජනය කරන්නන් මෙවැනි විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වනවා පමණක් නොව සීඝ්රයෙන් බෝනොවන රෝග සදහා මෙය හේතු කාරකයක් වන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුව ඇත.
ක්ෂණික ආහාර වල වැඩි වශයෙන් මේදය හෝ තෙල් අඩංගුව ඇති බැවින් පරිභෝජනය කරන පුද්ගලයන් දියවැඩියාව, කොලොස්ටර්රෝල්, හෘදයාබාධ වැනි රෝගී තත්ත්වයන්ට ලක් වීම දැක ගතහැකියි. විශේෂයෙන්ම මෙහි මේදය නිසා ආහාරයට ගන්නන්ගේ රුධිර නාල අවහිර වේ. ඒ තුළ පුද්ගලයන් ඉක්මනින්ම හෘදයාබාධ වැනි අහිතකර රෝගී තත්ත්වයන්ට ලක්වේ.
මේ ආහාරවල අඩංගු සීනි මට්ටම ඉහල නිසා ඔබේ සිරුරේ ෙසෙල වලට සීනි උරා ගැනීම ඉහල යයි. එහිදි ඔබේ සිරුරේ ෙසෙල වලට සීනි උරා ගැනීම ඉහල යන අතරම රුධිරයේ සීනි මට්ටම කෙටි කාලයක් තුළ විශාල ලෙස පහල යයි. මේ හේතුව නිසා ශරීරයට මහන්සි ගතියක් මෙන්ම අපහසු ගතියක් ඇතිවෙයි.
ක්ෂණික ආහාර ගන්නා පිරිස අතරේ ළමුන්ද වැඩි පිරිසකි. දෙමවිපියන් පෙරපාසල් අධ්‍යාපනයේ සිටම විවිධ උපකාරක පන්තිවලට ගෙන යන බැවින් දරුවන්ට කෑමට බීමට තිබෙන්නේ අවම කාලයකි. බොහෝ වේලාවල් වලදි දෙමව්පියන් කරනුයේ දරුවාට ක්ෂණික ආහාරයක් ලබාදීමය. මෙමගින් ලැබෙන්නේ ක්ෂණික ශක්තියකි. ඒ තුළ ලැබේන පෝෂණය අඩු වීම මෙන්ම දරුවාගේ නිසි වර්ධනයක්ද සිදු නොවේ. දරුවා මේ නිසා මන්දපෝෂණ තත්වයන්ට ගොදුරුවනවා පමණක් නොව දරුවාගේ මොළය වර්ධනය වීමේ තත්ත්වයන්ටද බලපෑම් එල්ල විය හැකියි.
සමාජයේ මන්ද පෝෂණය ඉහල යාම සදහා ආසන්න සාධයක් ලෙස අද ක්ෂණික ආහාර භාවිතය පත්ව තිබේ. ක්ෂණික ආහාර ගැනිමේදි බොහෝ විට ලබා ගන්නා පුද්ගලයා එය කාර්යාලයේදි, අතරමගද,ි වාහනයකදි, මෙන්ම මහමගදි ලබා ගන්නා අවස්ථාවන් දැක ගත හැකියි. තනි තනි වශයෙන් ආහාර ලබාගන්නා ඔවුන්ට පවුලක සියලූ දෙනා එකතු වී ආහාර ලබා ගැනීමට තිබේන අවස්ථාව මෙමගින් මගහැරි යයි. එය පවුලේ එකමුතුකමට සහයෝගීතාවයට මෙන්ම සියලූ දෙනාට එකතු වී කතා බහ කිරිමට තිබේන හොදම අවස්ථාවටද බාධාවක් වේ.එමගින් නොදැනුවත්ම පවුලේ එකමුතුකමද දෙදරා යාමට ඉඩ තිබේ. නොදැනුවත්ම ඔබගේ අතේ තිබේන මුදලද විනාශ වීමට හේතුවේ.
ක්ෂණික ආහාර ගැනීම තුලින් ශරීරයට මෙන්ම ආර්ථිකයට හානි සිදුවන බව දැන සිටියත් ඔබ විවිධ අවස්ථාවල මොහොතකට එය අමතක කර දමා මෙම ආහාර පරිභෝජනයට පෙළෙඔයි. ඒ තුළ ඔබට පැමිණෙන අතුරුඵලයන් වැඩි වනවා මිස අඩු විමක් නොමැත. එබැවින් ඔබ දිනපතා පෝෂදායි සමබර ආහාර වේලක් ලබා ගැනිමට කටයුතු කරයි නම් ඔබට පැමිණෙන අනතුරුදායක තත්ත්වයන්ගෙන් වැලකි යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හිමි කරගත හැකියි
Monday, July 25, 2016
මවකගේ අායාචනාව
මවකගේ අායාචනාව
නෙතක හසරැල් මැවුනු දනන් අතරේ
විගස ගැටුනි එක් මවක් මෙලෙසේ
කියත් මැසිවිලි යදින විලසේ
සිටිනු කිම්දැයි අසනු සිතුනේ
මා හැරදා මේ ලෙස මේ වීදියේ
ඔබ ගියාට තරහක් නෑ මගේ දුවේ
ඔබ හැදුවා කිසි අඩුවක් නැති ලෙසේ
මම සිතුවා සැමදා දුව ඔබ මගේ
සත් මහලක් රස බොජුනක් මට එපා
රන් අභරණ රන් සලුපිළි මට එපා
සිත් කාගෙත් මේ ලෙස රිදවනු එපා
සංසාරෙත් මා ඔබේ මව් නිසා
Saturday, July 23, 2016
පියාණෙනි
පියාණෙනි
වැගුරු කදුලැල් කොපමණදැයි
නොදනි මා
විදි දුක් කරදර කොපමණදැයි
නොදනි මා
පිසු කදුලැල් කොපමණදැයි
නොදනි මා
සදා ණය ගැතියි පියාණෙනි
ඔබට මා
Thursday, July 21, 2016
සංස්කෘතික ආලය
සංස්කෘතික ආලය
සෑම මිනිසෙකුම මේ පොළව මත පය තබන්නේ තමන්ට උරුම වු සංස්කෘතියක් අතැතිවය. දැනුවත්ව හෝ නොදැනුවත්ව එම සංස්කෘතියට අනුගත වන ඔවුනොවුන් පසු කාලීනව සිය සංස්කෘතිය ආරක්ෂා කර ගැනිමේ ප්රයත්නයක නිරත වෙයි. එය මේ ලෝකයේ කාටත් පොදූ වු ධර්මතාවයකි.එබැවින් සිය සංස්කෘතියට ආදරය නොකරන්නෙකු සොයා ගැනීමට නොහැකි තරම්ය.බහුවිධ ජනවර්ගයන් ජ්වත්වන රටක සංස්කෘතින් විවිධය.සෑම පුද්ගලයකුගේම සිත තුළ පැල පැදියම්ව ඇත්තේ සිය සංස්කෘතිය උසස් සංස්කෘතියක් බවය. එසේ සිතිමේ වරදක් නැත.නමුත් එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක් පගා දමා තවත් සංස්කෘතියක් වැජෙඔන්නට වෙරදරන්නේ නම් ඇති වන විපාකයන් වචනයෙන් විස්තර කළ නොහැක.තමාගේ සංස්කෘතියට තමා ආදරය කළ යුතුය. නමුත් අන්යන්ටද සිය සංස්කෘතිය නිදහසේ භක්ති විදිමට ඉඩහසර වෙන්විය යුතුය. එකම පරිසරයක ජ්වත්වන සංස්කෘතින් එහි පවතින විවිධත්වයන් වටහා ගත යුතුය.තමාගේ සංස්කෘතිය තුළ සිටිමින් අනෙකාගේ සංස්කෘතිය දෙස යහපත් සිතින් බැලිමේ හැකියාව මිනිසාට තිබිය යුතුය. මන්ද මිනිසා යනු අනෙකුත් සත්ත්වයන් අතර සුවිශේෂි සත්ත්වයකු වන නිසාවෙනි. එපමණක් නොව සංස්කෘතික මිත්රශිලිත්වය යන්න බොහෝ සෙයින් වැදගත් දෙයකි. බහුවිධ සංස්කෘතියන් පවතින රටක ගැටුම් ඇති විමට තිබේන ඉඩකඩ වැඩිය. මන්ද මිනිසා ගතික සත්ත්වයකු වන නිසාවෙන්ය.සංස්කෘතියකට සංස්කෘතියක් ගරු කිරිමටත් සංස්කෘතියකට සංස්කෘතියක් ආලය කිරිමටත් කටයුතු කරන මොහොත දක්වාම සංස්කෘතින් අතර පවතින නොරිස්සුම්තාවයන් හමාර වන්නේද නැත.එයට හොදම විසදූම වන්නේ ඔබට ඔබ මෙන්ම අන්යන්ටද ආලය කිරිමය.
Wednesday, July 20, 2016
අහිමි පෙම
Monday, July 18, 2016
කුමකටද භේද
කුමකටද භේද
එකම රතුපාට ලේ
ගතෙහි පුරා දුවන
ජාති කුල මල භේද
පක්ෂ පාට ආගම් භේද
කුමකටද මේ මිනිසාට....................
ඉවතලමු මෙය පිඩක් සේ කෙළ
මනුසත්කම සුරකින්න
රැකගන්න සෙනෙහසින්
ජීවයේ පිං බිම........................
එකම රතුපාට ලේ
ගතෙහි පුරා දුවන
ජාති කුල මල භේද
පක්ෂ පාට ආගම් භේද
කුමකටද මේ මිනිසාට....................
ඉවතලමු මෙය පිඩක් සේ කෙළ
මනුසත්කම සුරකින්න
රැකගන්න සෙනෙහසින්
ජීවයේ පිං බිම........................
Sunday, July 17, 2016
ලොව දකිනට
ලොව දකිනට
දෙනෙත අදව ඇත ලොව දකිනට
එපා ලෙසි
දෙකන වැසී ඇත ලොව අසනට
එපා ලෙසින්
හඩ ගොළුව ඇත ලොව කියනට
එපා ලෙසින්
මම මොකටද මේ කිසිවක්
නැතුව ඉතින්
මවයි පියයි දෙදෙනම මට අහිමිවුනේ
ඉරයි හදයි කිසිදින නෑ මට පෙනුනේ
රැයයි දහවලයි කොහොමද ගෙවුනේ
කියයි කවුද මට මේ වග කිසිදිනේ
භවයෙන් භවය මේ ලෙස මට හිමිවේදෝ
සසරෙන් එතර වන්නට පින නැතිවේදෝ
කලකින් කලට මා වැහැරි ගියාදෝ
මෙමට සරන වන කිසිවෙකු සිටිදෝ
බලය
බලයක් ලැබි බලයෙන් වැජෙඕනවා
බලය දුන් මහජනයව අමතකවෙනවා
දහසක් පැතුම් ජනයගේ මියයනවා
පාර්ඩෝ වලින් ඒ අය ඉගිළෙනවා
දුන්නත් පොරොන්දු නැහැ කිසිවිට ඉටු වන්නේ
කිවුවත් දුක නැහැ කිසිදින අහගෙන ඉන්නේ
කිසිවක් නොකිවු ගානට ඔවුන් හැසිරෙන්නේ
මෙහෙමත් අයට තමයි බලයම දුන්නේ
දවසින් දවස හොදහැටි බදු වැඩිවෙන්නේ
තුන් වේලෙන් එක වේලයි කන්නට වෙන්නේ
තිබුනොත් මෙහෙම නෑ ජනයට ඉසුරක් වෙන්නේ
කවුරුන් ආවත් මේ ටිකමයි සිදුවෙන්නේ
Saturday, July 16, 2016
මතක තියාගන්න අපහසුද?
අ පො ස උසස් පෙළ කඩඉම් විභාගය අත ළග නිසා ඔබ ලහි ලහියේ පාඩම් කටයුතු වල නිරත වෙනවා ඇති. ඒවගේම විභාගය පාස් වෙන්නේ කොහොමද?, මෙච්චර ගොඩක් පාඩම් කරන්නේ කොහොමද? වගේම කොච්චර පාඩම් කරත් මතකයේ රැුෙදන්නෙ නැහැනේ වැනි ප්‍රශ්න රාශියක් ඔබට මේ දිනවල ඇති වෙන්න පුළුවන්.ඒ සදහා ඔබට එයට විසදුමක් ලෙස මෙවැනි ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරිමට පුළුවන.
01. සැහැල්ලුවෙන් සිතන්න. පැහැදිළි ඉලක්කයක් ගොඩනගා ගන්න
විභාගය අත ළග නිසා බොහෝ දෙනා සිටින්නේ් දැඩි බියකිනි. ඒ නිසාම ඔබ පීඩාවට පත්වෙලා ඇති. උසස් පෙළ සරල පහසු විභාගයක් ලෙස සිතන්න. ප්‍රථමයෙන්ම මට මේ කඩඉම හොදින් ජය ගන්නට පුථවන් යනුවෙන් සිතන්න. ඒ වගේම අනාගතයේ මම කවුරුද වෙන්නේ එයට මම මොක්කද කළයුත්තේ යනුවෙන් පැහැදිළි ඉලක්කයක් ගොඩනගා ගන්න. තම අනාගතය පිළිබද ඉලක්කයක් ගොඩනගාගත් විට ඉතා වැදගත්ම දෙය තමයි ඒ පිළිබද එකිනෙකා සමග නොපැවසීම. යම් හෙයකින් ඉලක්කය වෙත ළගාවන්නට නොහැකි වුනොත් අනෙකා ඔබට සිනාසේවි. තමා ඉලක්කයක් වෙත ගොස් අන් අයට පෙන්වන්න සිතා ගන්න. එවිට ඔබට පාඩම් කරන්න හිතෙනව වගේම පාඩම් කරන දේවල්ද හොදින් මතකයේ රදවා ගැනීමට පුළුවන් වේ.
02.පාඩම් කොටස් වශයෙන් පාඩම් කරන්න
පාඩම් කිරිමට විශාල ප්‍රමාණයක් තිබේ යැයි සිතා අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත. එයට හොදම දෙය වන්නේ අධ්‍යයනයට ඇති ප්‍රමාණය කොටස්කර ගැනීමය. කොටස් කර ගැනීමේදි නිරවුල්ව කොටස් කර ගැනීම අවශ්‍ය වේ. පාඩමක ඇති මාතෘකා ඔබට පහසු ආකාරයෙන් කොටස්කර පාඩම් කිරිමෙන් පැහැදිලිව එය මතකයේ රැුදයි.
02. කාල සටහනකට අනුව වැඩ කරන්න
තව කොච්චර පාඩම් කරන්න තියෙනවද? යනුවෙන් ප්‍රකාශ කරන ශිෂ්‍යයන් බොහෝවිට දකින්නට පුළුවන්. එවගේම ඔවුන් පොත් පෙරළා පාඩම් කිරිමට ඇති ප්‍රමාණය බලන අවස්ථාවන්ද නැතුවාම නොවේ. මෙය නිරන්තරයෙන් ඔවුන්ට අධ්‍යයන කටයුතු සදහා පීඩනයක් ඇතිවෙන්න බලපායි. කාල සටහනකට අනුව පාඩම් කිරිමට ඔබ කටයුතු කරයි නම් අදාළ පාඩම පාඩම් කළ යුතු කාලයද ඔබට හොදින් වැටහේ.මනාව කාලය කලමනාකරණය කරගෙන පාඩම් කිරිම තුළින් පාඩම් කළ දේවල් ඔබගේ මතකයේ හොදින් රැුෙදයි.
03. කරුණු වශයෙන් ඇති තොරතුරුවල මුල අකුර එකතු කර යම් වචනයක් ගොඩනගා ගන්න
මෙය ඔබ පාඩම් කරන දේවල් හො`දින් මතක තබා ගැනීමට හැකි සරල ක්රමයකි. කරුණු වශයෙන් ඔබට පඩම් කිරිමට ඇති දේවල් බොහෝ විට මතකයේ රැුෙ`දන්නේ අඩු වශයෙන් විය හැකියි. කරුණු වශයෙන් තිබෙන ඒවගෙ මුල අකුර එකතුකර යම්වචනයක් ගොඩනගා ගන්න. ඉන්පසු වචනයෙන් කියවෙන දෙය මතක තබා ගැනීමෙන් ඔබට අදාළ කරුණු හොදින් මතක තබා ගැනීමට හැකිවේ.
04. එකම පාඩම අවස්ථා කිහිපයකදී බලන්න
ඔබ පාඩම් කිරිම පටන් ගන්නා සෑම අවස්ථාවකදීම පෙර පාඩම් කරන ලද දේවල් නැවත මතක් කරන්න. පාඩම එක්වරක් නැවත කියවන්න. පාඩම් කරන වාර ගණන වැඩිවන විට ඒවා දිගුකාලීන මතකයේ තැන්පත් වේ. එවිට එම පාඩම ඔබට හො`දින් මතක තබා ගැනීමට හැකිවේ.
05.පාඩම් කරන සෑම විනාඞ් 40කට වරක් විවේකයක් ගන්න
05.පාඩම් කරන සෑම විනාඞ් 40කට වරක් විවේකයක් ගන්න
පැය දෙක තුනක් පමණ එකදිගට පාඩම් කරන විට මතකයේ රැුෙ`දන ප්‍රමාණය අඩු විය හැකිය. එවිට ඔබ පාඩම් කරන දෙයින් කිසිදු ප්‍රයෝජනයක් නැත. එම නිසා පාඩම් කරන සෑම විනාඞ් 40කට වරක් විවේකයක් ගන්න. එය ඔබට රුචි ආකාරයෙන් ලබාගැනීම තුළින් ඔබගේ මනස සැහැල්ලු වනවා පමණක් නොව පාඩම් කරන දෙයද හො`දින් මතකයේ රැුෙ`දයි.
06.මොළය ඇසුරෙන් කරන අභ්‍යාසයක නිරත වෙන්න
පුද්ගලයන් යම් යම් හැකියා මෙන්ම දක්ෂතා පෙන්නුම් කරන්නේ මොළයේ එක් එක් අංශ වලිනි. මෙම අංශ ආරක්ෂිතව තිබෙන විට මතකය හො`දින් සංවර්ධනය වේ. සරල ක්‍රමවේදයක් ලෙස ඔබ 1සිට 10 දක්වා ගණන් කරන්න නැවත 10 සිට 1 දක්වා ගණන් කරන්න අවස්ථා කිහිපයකදි මෙය සිදුකිරිමෙන් ඔබේ අවධානය එයට යොමුවේ.ඒ තුළින් මනස එක් අරමඅණකට යොමු කරවා ගැනීම තුළින් ඔබ පාඩම් කරන දේ හො`දින් මතකයේ රැුදෙනු ඇත.
මෙවැනි සරල ක්‍රියාමාර්ගයන් කිහිපයක් තුළින් ඔබට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවස්ථාව හිමිවෙනවා පමණක් නොව ඔබේ කඩඉම ජය ගැනීමටද මෙමගින් අවස්ථාව උදාවේ.
මෙවැනි සරල ක්‍රියාමාර්ගයන් කිහිපයක් තුළින් ඔබට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවස්ථාව හිමිවෙනවා පමණක් නොව ඔබේ කඩඉම ජය ගැනීමටද මෙමගින් අවස්ථාව උදාවේ.
සිතුවම
සියල් සිරින් පිරි
සුවිසල් මැදුරේ
නළගනන් රගදෙන
විලසින් දසතේ
අගනන් පිරිවරා
සිටිනා රජු සේ
සිතුනා සිතුවම්
කරනට සිත්සේ
Subscribe to:
Posts (Atom)