සංස්කෘතික ආලය

සෑම මිනිසෙකුම මේ පොළව මත පය තබන්නේ තමන්ට උරුම වු සංස්කෘතියක් අතැතිවය. දැනුවත්ව හෝ නොදැනුවත්ව එම සංස්කෘතියට අනුගත වන ඔවුනොවුන් පසු කාලීනව සිය සංස්කෘතිය ආරක්ෂා කර ගැනිමේ ප්‍රයත්නයක නිරත වෙයි. එය මේ ලෝකයේ කාටත් පොදූ වු ධර්මතාවයකි.එබැවින් සිය සංස්කෘතියට ආදරය නොකරන්නෙකු සොයා ගැනීමට නොහැකි තරම්ය.බහුවිධ ජනවර්ගයන් ජ්වත්වන රටක සංස්කෘතින් විවිධය.සෑම පුද්ගලයකුගේම සිත තුළ පැල පැදියම්ව ඇත්තේ සිය සංස්කෘතිය උසස් සංස්කෘතියක් බවය. එසේ සිතිමේ වරදක් නැත.නමුත් එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක් පගා දමා තවත් සංස්කෘතියක් වැජෙඔන්නට වෙරදරන්නේ නම් ඇති වන විපාකයන් වචනයෙන් විස්තර කළ නොහැක.තමාගේ සංස්කෘතියට තමා ආදරය කළ යුතුය. නමුත් අන්යන්ටද සිය සංස්කෘතිය නිදහසේ භක්ති විදිමට ඉඩහසර වෙන්විය යුතුය. එකම පරිසරයක ජ්වත්වන සංස්කෘතින් එහි පවතින විවිධත්වයන් වටහා ගත යුතුය.තමාගේ සංස්කෘතිය තුළ සිටිමින් අනෙකාගේ සංස්කෘතිය දෙස යහපත් සිතින් බැලිමේ හැකියාව මිනිසාට තිබිය යුතුය. මන්ද මිනිසා යනු අනෙකුත් සත්ත්වයන් අතර සුවිශේෂි සත්ත්වයකු වන නිසාවෙනි. එපමණක් නොව සංස්කෘතික මිත්‍රශිලිත්වය යන්න බොහෝ සෙයින් වැදගත් දෙයකි. බහුවිධ සංස්කෘතියන් පවතින රටක ගැටුම් ඇති විමට තිබේන ඉඩකඩ වැඩිය. මන්ද මිනිසා ගතික සත්ත්වයකු වන නිසාවෙන්ය.සංස්කෘතියකට සංස්කෘතියක් ගරු කිරිමටත් සංස්කෘතියකට සංස්කෘතියක් ආලය කිරිමටත් කටයුතු කරන මොහොත දක්වාම සංස්කෘතින් අතර පවතින නොරිස්සුම්තාවයන් හමාර වන්නේද නැත.එයට හොදම විසදූම වන්නේ ඔබට ඔබ මෙන්ම අන්යන්ටද ආලය කිරිමය.
සංස්කෘතිය ආගමකට හෝ ජාතියකට ලඝු කිරීමෙන් ගැටුම් ඇතිවිය හැකි ය.එහෙත් සෑම රටකට ම අනන්‍යවූ සංස්කෘතියක් තිබෙන අතර ඒ පිළිබඳව ඒ රටේ සියලු ජන කොටස්වලට අවබෝධයක් තිබිය යුතු ය.රටේ සංස්කෘතිය බිහි වීමට ඒ රටේ ආර්ථිකය ගොඩනැගුණු චින්තනය මූලිකවේ.ශ්‍රී ලංකාවට අනුව නම් සංස්තෘතිය බිහි කළ ආර්ථිකය කෘෂිකර්මයයි.කෘෂිකර්මාන්තය ද නැවත සංස්කෘතියකි.කෘෂි සංස්කෘතියට බලපෑ චින්තනය ගොඩනැගෙන්නේ බුදුදහමෙනි.ඒ නිසා ලාංකේය සංස්කෘතිය නිර්මාණයට ගොවිතැන හා බුදුදහම සෘජුව ම බලපා ඇත.මැදපෙරදිගට වෙළඳාම හා ස්ලාම් ආගම බලපා ඇත.සංස්කෘතිය මත්තේ ගැටුම් ඇති කරගන්නෝ රටට ආවේනික සංස්කෘතිය වටහා නොගත්තෝ වෙති.ඔවුන් සංස්කෘතිය ලෙස සලකන්නේ ආගම,ජාතිය හෝ වෙනත් මතිමතාන්තරයන් ය.සංස්කෘතිය නිර්මාණය වූ සාධක මොනවා වුවත් රටක සංස්කෘතියක් ගොඩනැගෙන්නේ ඒ සාධකවල කුලකයක් නොවූ පිරිසට ද ඒ සංස්කෘතියේ ජීවත් වීමට හැකි ලෙසිනි.ඒ නිසා ගැටුම් ඇති වන්නේ යම් ජන කොටසක් රටේ සංස්කෘතිය අවබෝධ කර නොගැනීමත් ඊට අනුගත නොවීමත් මත ය.රටේ සියලු ජන කොටස් වෙත පාසල් අධ්‍යාපනයේදී එකී රටේ මූලික සංස්කෘතියවත් ඉගැන්වීම කළ යුතු ය.ඊට ජාතිය, ආගම, භාෂාව හරස් නොවිය යුතු ය.මක්නිසාද එය ගැටුම් නිරාකරණය සඳහා පමණක් නොව එකී රටේ සංස්කෘතිය මනා ලෙස යාවත්කාලීන වීමටත්, පවතින දැනුම් පද්ධති ආරක්ෂා වීමට හා යාවත්කාලීන වීමටත් රුකුලක් වන බැවිනි.
ReplyDeleteබුද්ධික සමන් ගුණවර්ධන.
// එබැවින් සිය සංස්කෘතියට ආදරය නොකරන්නෙකු සොයා ගැනීමට නොහැකි තරම්ය. //
ReplyDeleteමේ කතාව එක්ක මම එකඟ නෑ මචං. සංස්කෘතිය අතෑරලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා, සුප්‍රකට අය වගේම අප්‍රකට අයත්.
සංස්කෘතිය අතෑරලා ජිවත්වෙන මිනිස්සු ඉන්නවා කියන්න පුලුවන් සංස්කෘතිය මුලුමනින්ම අතෑරලා දාලා ඉන්නවා කියන එකනම් තාත්වික එකක් කියලා මම හිතන්නේ නැහැ අපිට සංස්කීතිය කියන දෙයට මෙන්න මේක තමයි කියලා හරි අර්ථකතනයක් දෙන්න බැරි තරමටම සංස්කෘතිය කියන දෙය පුලුල් වෙලා තියෙනවා ඔය සංස්කෘතිය අතෑරියා කියන මිනිස්සු ළගත් නෑ කියන පුංච්ම හෝ සංස්කෘතික ලක්ෂණයක් තියෙනවා එක විනාශවෙලා යනකොට ඔවුන් ඒක ගොඩ නගන්න ප්‍රසිද්ව හෝ අප්‍රසිද්දව කටයුතු කරනවා ඒ මිනිස්සු කියන්නේ මතුපිටින් බොහෝ දෙවල් කිවිවට යටි සිතින් බොහෝ දේවල් හංගගෙන ඉන්න සත්තවයෙක් නිසා
ReplyDeleteචලකගෙ අවංක අදහසට මම ගරු කරනවා.සංස්කෘතිය කියන්නෙ අපි ගොඩක්දෙනා හිතන් ඉන්න දේ නෙවෙයි.අයේෂා කියන්න හදන්නෙත් ඒක වගෙයි.සංස්කෘතියකට අනුගතවීමක් නෑ කියන්න කාටවත් බෑ.අපි කවුරුත් මහ සංස්කෘතියේ තමයි ජීවත් වෙන්නේ.අපි කොයිතරම් ඊට අනුගතද කියනවනම් අපට අපි ඒ සංස්කෘතිය අනුව කටයුතු කරන බව තේරෙන්නෙත් නෑ.ඒක ජීවිතයේ කොටසක්.ගැටුම් ඇතිවෙන්නේ මේ සංස්කෘතික බැඳීම නිසා නෙවෙයි.ඊට මෙපිටින් තියන මතවාද නිසයි.ඒ වගේම හරියට පාරෙන් පිට කැලේ යනවා වගේ ඒ මතවාද මහ සංස්කෘතිය නියෝජනය නොකරන තැනත් ගැටුම් ඇතිවෙනවා.චලක සංස්කෘතියෙන් ඈත්වෙලා ඉන්න මිනිස්සු කියල කියන්නේ සමාජගත පොදු මතවාදවලින් ඈත්වෙලා ඉන්න අය ගැන විය හැකියි.ඒ අය අතර බුද්ධිමත් ප්‍රජාවකුත් ඉන්නවා.ඒ අය නියෝජනය කරන්නේ මතවාද නෙවෙයි යථාර්ථයයි.මේ සියල්ල සංස්කෘතිය කියන මහ කුලකයේ උප කුලකයන්.
ReplyDelete