ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ
බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ
එඞ්වඞ් ජයකොඩියන්ගේ සහ මාලනි බුලත්සිහලගේ මියුරු හඩින් සුගායනය වු මේ අපුරු ගීතය එකවරම මගේ සවන වැකුණේය. මොහොතක් ඒ ගැන කල්පනා කළ මට සිතුනේ සමාජ යථාර්ථයන් මානව හදවත්වලට කාවැද්දීමට ගීතය කොතරම් ප්ර්රබලද යන්නය. ආශ්වාදනීය ලෙස මානව හදවත්වලට ආමන්ත්‍රණය කිරිමේ හැකියාවක් ගීපද රචකයාට මෙන්ම ගායකයාටද හිමිය. එබැව්න් පදයකින් අරුත් සොයා යන්නන්ටද මෙය එදත් අදත් හෙටත් එලෙසින්ම ගැයෙනු නොවනුමානය. කොතරම් කවී ගී ගැයුනද වැයුනද මිනිසා නොවෙනස් වන්නේය. නමුත් මිනිසා නැමැති සත්ත්වයා වනචාරි යුගෙයෙන් මිදි ශිෂ්ඨ සම්පන්න සමාජයකට පා තැබුුවේ අද ඊයේ නොවේ. කෙසේ වෙතත් අද ශිෂ්ඨ සම්පන්න මානවයෙක්ද යන බවද ඔවුන්ටම අමතකව ගොස් ඇත. අවුරුදු දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට උරුම කම් කියන ලාංකීය සමාජයක මිනිසුන්ගේ සමාජ යහගුණයන් අනෙක් රටකට දෙවැනි නොවන්නේය. එය කියමන එලෙසින්ම අදටත් හෙටටත් වලංගු වන්නේද යන්නය සිතා බැලිය යුතුව ඇත. මිනිසා ගතිකය. ඒ ගතිකත්වය ඉස්මතු කරමින් අද බොහෝ දෙනා ජීවය දුන් මව පියා මරා සැනසිමට පවා සාහසික වන්නේ්ය. ලෝකය නොනැවති ගමන් කරයි. ඒ ගමනට හසුවන මිනිසාද නොනැවති ගමන් කරයි. නිමක් නොවන මේ කතර තුළ මිනිසුන් පොර බදන්නේ තමා රැුකෙන්ට මිස අනෙකා රකින්නට නොවේය. ඒ තුළ මානව ගුණ දම් ඔහු වෙතින් පලා යන්නේ ඔහුටත් නොදැනීමය. බුදු ගුණ ගැයෙන වැයෙන රටේ ඒ සියල්ල බිරී අලින්ට වීනා වයන්නාසේය. එමගින් සපල කරන්නේ ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ බවය. කිසිවක් හරිහැටි මායිම් නොකරණ මිනිසුන්ට අවැසි වන්නේ සමාජ ගුණ ධර්මයන් නොවය. කොතරම් ධර්මයේ අනුහස් කිවුවද එයින් පලක් නොවන්නේය. ඒ ධර්මයම ඇසුරු කරමින් කරන්නේ අයහපතය. දිනෙන් දින අසන්නට දකින්නට ලැබෙන්නේ මිනිසුන්ගේ නොකටයුතුකම්ය. මානවයා මෙතරම් ඉක්මනින් පිරිහිමෙන් පිරිහිමට පත්වන්නේ කුමක් හේතුවෙන්ද? ඔවුනට නිතිපතා ඇසීමට දැනීමට ලැබෙන්නේ සුභවාදී දේද? මේවැනි ප්‍රශ්න රාශියකට තවමත් වීසදුම් නොමැති රටේ ගමන තවදුරටත් මෙලෙසමය. එහෙත් මෙලෙස කියා බලා සිටිමේද පලයක් නොමැත. ගද ගසන පල් වු මඩ ගොහොරුවකද සුවදවත් මල් සුපිපෙන්නේය. එසේම පිරිහිනු සමාජයේද යහ ගති පැවතුම් ඇත්තන්ද නැතුවාම නොවේය. කිරි කලයකට ගොම බිදුවක් වැටුනු ව්ට මුළු කිරි කලයම ව්නාශ වන්නේය. එලෙසම සමාජයේ පිරිසකගේ පිරිහි ගිය ගතිපැවතුම් සමාජයටම කොඩි ව්නයක් වන්නේය. මිනිසා මිනිසා විසින්ම ගොඩනැගෙනු ව්නා කිසිවකු එය කළ යුත්තක්ද නොවන්නේය. එබැව්න් මා මෙය මෙලෙස හමාර කරන්නට කැමතිය.
සිරිත් වීරිත් යහගුණෙන් පිරිගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉරහද යට හිනහෙන දවසක්
යළි කවදත් නේවීද මන්දා
මනා අදහසක්. වර්තමානයේ විශ්වවිද්‍යාල සිසුන් තුළත් දැකිය හැක්කේ මෙවැනි තත්ත්වයක්. තමන්ට උගන්වන ගුරුවරයා නොහදුනන සිසුන් අතළොස්සක්ද සිටීම අවාසනාවක්. මෙවැනි ලිපියක් හෝ බළා හැදෙන්නේ නම් මැනවි.
ReplyDeleteආචාර්ය එන්.ඩී.ජී ගයන්ත (මනෝවිද්‍යාව පිළිබද කථිකාචාර්ය)
kalinawa kathawiya yuthu pathiakadaki
ReplyDeletegood idea
ReplyDeleteWEll DONE DR..GOOD LUCK..
ReplyDeleteDigatama liyanna.meka hoda awastawak.link eka fb haraha saher karanna.boho parasayaka liyanna puluwan.jaya wewa nangi.
ReplyDeleteDigatama liyanna.meka hoda awastawak.link eka fb haraha saher karanna.boho parasayaka liyanna puluwan.jaya wewa nangi.
ReplyDeleteDigatama liyanna.meka hoda awastawak.link eka fb haraha saher karanna.boho parasayaka liyanna puluwan.jaya wewa nangi.
ReplyDeletethanks aiye
ReplyDeleteAyesha mata hamu une Diwaina paththareta interviw ekak denna goya welawe...eda mama hithiwe na me punchi kella me tharam pandithayek kiyala... wish you all the best panchiye
ReplyDelete...continue your writing...I am Jayalath Aththanauake, Senior Lecturer in Management, Sabaragamuwa University of Sri Lanka(Former Head of Department of Business Management & Former Acting Dean of Faculty ofanagement Studies of Sabaragamuwa Iniversity of Sri Lanka)
thank you sir..
ReplyDeleteගොඩක් හොඳ අදහසක් අක්කේ. තාක්ෂණය දියුණුවෙද්දී මිනිස්සු අනෙක් හැම අතින්ම පිරිහෙනවා. තාක්ෂණය වගේම ආධ්‍යාත්මික දියුණුවකුත් තියෙනවනං එක ඉර හඳක් යට හිනැහෙන දවසක් අයෙත් ඒවි. දිගටම ලියන්න අක්කේ. ඒ තුළින් මාවතක් ගොඩනැගේවි.
ReplyDeletegood luck
නියමයි.
ReplyDeleteNawa lowata anugatha unu aluth parapurata denaganna niyama wedak
ReplyDeleteනියමා....යි
ReplyDeleteAda samajaye hema dema diunu weddi gunadam saradarma pirihima kedawachakak..very good idea dr..
ReplyDeleteඅයේෂා කියන තත්වය අර්ධ සත්‍යයක් බවයි මගේ හැඟීම.අපි අද බුදු දහම කියල සමාජගත කරල තියන දෙයින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.මහා බල සම්පන්න අබතෙල් පහන් පූජාවක් තමයි පොසොන් පෝයට රුවන්වැලි සෑය ළඟ පැවැත්තුවේ.පිච්ච මල් පූජා,ගිරිභණ්ඩ පූජා,මහාමායා පෙරහැර,රාවණා පෙරහැර,වැටකෙයා මල් පූජා වගේ දේවල් තමයි අද බුදු දහම විදියට සමාජගත කරල තියෙන්නේ.ගෞතම බුද්ධ දේශනාවේ ගැඹුරු හරය සමාජගත කරල නෑ.හැම දෙයක් ම සරල කරන්න ගිහින් හා බුදු දහම ජනප්‍රිය කරන්න ගිහින් තමයි මේ විනාශය වුණේ.මේව තනි තනි චරිත ජනප්‍රිය වෙන්නත් මුදල් උපයන්නත් කළ දේවල් මිසක් ඇත්තටම බුදු දහම සමාජගත කරන්න කළ දේවල් නෙවෙයි.ඒවගෙන් බිහි වෙන්නේ සරල සිල්ලර චරිත මිසක් ගැඹුරක් තියන චින්තනයක් තියන සමාජයක් බිහි වෙන්නෑ.ගෞතම බුද්ධ දේශනාව ත්‍රිපිටකය පරිශීලනයෙන් නැවත කියවන්න හැකි සමාජයක් තවම තියනවා.තව කල් යද්දි ඒ හැකියාවත් සමාජයෙන් තුරන් වෙනවා.ඊට කලින් අපි මේ ගැන සංවාදයක්වත් සමාජගත කළයුතුයි.එවිට හැකියාව ඇති අය එකතු වෙයි.ඒ අය සමාජය නැවත සුවපත් කරයි.අයේෂාගේ මේ සංවාදය ඒ තරම් ඈතට යායුතුයි.
ReplyDelete