අ පො ස උසස් පෙළ කඩඉම් විභාගය අත ළග නිසා ඔබ ලහි ලහියේ පාඩම් කටයුතු වල නිරත වෙනවා ඇති. ඒවගේම විභාගය පාස් වෙන්නේ කොහොමද?, මෙච්චර ගොඩක් පාඩම් කරන්නේ කොහොමද? වගේම කොච්චර පාඩම් කරත් මතකයේ රැුෙදන්නෙ නැහැනේ වැනි ප‍්‍රශ්න රාශියක් ඔබට මේ දිනවල ඇති වෙන්න පුළුවන්.ඒ සදහා ඔබට එයට විසදුමක් ලෙස මෙවැනි ක‍්‍රියාමාර්ගයන් අනුගමනය කිරිමට පුළුවන.
01. සැහැල්ලුවෙන් සිතන්න. පැහැදිළි ඉලක්කයක් ගොඩනගා ගන්න
විභාගය අත ළග නිසා බොහෝ දෙනා සිටින්නේ් දැඩි බියකිනි. ඒ නිසාම ඔබ පීඩාවට පත්වෙලා ඇති. උසස් පෙළ සරල පහසු විභාගයක් ලෙස සිතන්න. ප‍්‍රථමයෙන්ම මට මේ කඩඉම හොදින් ජය ගන්නට පුථවන් යනුවෙන් සිතන්න. ඒ වගේම අනාගතයේ මම කවුරුද වෙන්නේ එයට මම මොක්කද කළයුත්තේ යනුවෙන් පැහැදිළි ඉලක්කයක් ගොඩනගා ගන්න. තම අනාගතය පිළිබද ඉලක්කයක් ගොඩනගාගත් විට ඉතා වැදගත්ම දෙය තමයි ඒ පිළිබද එකිනෙකා සමග නොපැවසීම. යම් හෙයකින් ඉලක්කය වෙත ළගාවන්නට නොහැකි වුනොත් අනෙකා ඔබට සිනාසේවි. තමා ඉලක්කයක් වෙත ගොස් අන් අයට පෙන්වන්න සිතා ගන්න. එවිට ඔබට පාඩම් කරන්න හිතෙනව වගේම පාඩම් කරන දේවල්ද හොදින් මතකයේ රදවා ගැනීමට පුළුවන් වේ.
02.පාඩම් කොටස් වශයෙන් පාඩම් කරන්න
පාඩම් කිරිමට විශාල ප‍්‍රමාණයක් තිබේ යැයි සිතා අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත. එයට හොදම දෙය වන්නේ අධ්‍යයනයට ඇති ප‍්‍රමාණය කොටස්කර ගැනීමය. කොටස් කර ගැනීමේදි නිරවුල්ව කොටස් කර ගැනීම අවශ්‍ය වේ. පාඩමක ඇති මාතෘකා ඔබට පහසු ආකාරයෙන් කොටස්කර පාඩම් කිරිමෙන් පැහැදිලිව එය මතකයේ රැුදයි.
02. කාල සටහනකට අනුව වැඩ කරන්න
තව කොච්චර පාඩම් කරන්න තියෙනවද? යනුවෙන් ප‍්‍රකාශ කරන ශිෂ්‍යයන් බොහෝවිට දකින්නට පුළුවන්. එවගේම ඔවුන් පොත් පෙරළා පාඩම් කිරිමට ඇති ප‍්‍රමාණය බලන අවස්ථාවන්ද නැතුවාම නොවේ. මෙය නිරන්තරයෙන් ඔවුන්ට අධ්‍යයන කටයුතු සදහා පීඩනයක් ඇතිවෙන්න බලපායි. කාල සටහනකට අනුව පාඩම් කිරිමට ඔබ කටයුතු කරයි නම් අදාළ පාඩම පාඩම් කළ යුතු කාලයද ඔබට හොදින් වැටහේ.මනාව කාලය කලමනාකරණය කරගෙන පාඩම් කිරිම තුළින් පාඩම් කළ දේවල් ඔබගේ මතකයේ හොදින් රැුෙදයි.
03. කරුණු වශයෙන් ඇති තොරතුරුවල මුල අකුර එකතු කර යම් වචනයක් ගොඩනගා ගන්න
මෙය ඔබ පාඩම් කරන දේවල් හො`දින් මතක තබා ගැනීමට හැකි සරල ක‍්‍රමයකි. කරුණු වශයෙන් ඔබට පඩම් කිරිමට ඇති දේවල් බොහෝ විට මතකයේ රැුෙ`දන්නේ අඩු වශයෙන් විය හැකියි. කරුණු වශයෙන් තිබෙන ඒවගෙ මුල අකුර එකතුකර යම්වචනයක් ගොඩනගා ගන්න. ඉන්පසු වචනයෙන් කියවෙන දෙය මතක තබා ගැනීමෙන් ඔබට අදාළ කරුණු හොදින් මතක තබා ගැනීමට හැකිවේ.
04. එකම පාඩම අවස්ථා කිහිපයකදී බලන්න
ඔබ පාඩම් කිරිම පටන් ගන්නා සෑම අවස්ථාවකදීම පෙර පාඩම් කරන ලද දේවල් නැවත මතක් කරන්න. පාඩම එක්වරක් නැවත කියවන්න. පාඩම් කරන වාර ගණන වැඩිවන විට ඒවා දිගුකාලීන මතකයේ තැන්පත් වේ. එවිට එම පාඩම ඔබට හො`දින් මතක තබා ගැනීමට හැකිවේ.
05.පාඩම් කරන සෑම විනාඞ් 40කට වරක් විවේකයක් ගන්න
05.පාඩම් කරන සෑම විනාඞ් 40කට වරක් විවේකයක් ගන්න
පැය දෙක තුනක් පමණ එකදිගට පාඩම් කරන විට මතකයේ රැුෙ`දන ප‍්‍රමාණය අඩු විය හැකිය. එවිට ඔබ පාඩම් කරන දෙයින් කිසිදු ප‍්‍රයෝජනයක් නැත. එම නිසා පාඩම් කරන සෑම විනාඞ් 40කට වරක් විවේකයක් ගන්න. එය ඔබට රුචි ආකාරයෙන් ලබාගැනීම තුළින් ඔබගේ මනස සැහැල්ලු වනවා පමණක් නොව පාඩම් කරන දෙයද හො`දින් මතකයේ රැුෙ`දයි.
06.මොළය ඇසුරෙන් කරන අභ්‍යාසයක නිරත වෙන්න
පුද්ගලයන් යම් යම් හැකියා මෙන්ම දක්ෂතා පෙන්නුම් කරන්නේ මොළයේ එක් එක් අංශ වලිනි. මෙම අංශ ආරක්ෂිතව තිබෙන විට මතකය හො`දින් සංවර්ධනය වේ. සරල ක‍්‍රමවේදයක් ලෙස ඔබ 1සිට 10 දක්වා ගණන් කරන්න නැවත 10 සිට 1 දක්වා ගණන් කරන්න අවස්ථා කිහිපයකදි මෙය සිදුකිරිමෙන් ඔබේ අවධානය එයට යොමුවේ.ඒ තුළින් මනස එක් අරමඅණකට යොමු කරවා ගැනීම තුළින් ඔබ පාඩම් කරන දේ හො`දින් මතකයේ රැුදෙනු ඇත.
මෙවැනි සරල ක‍්‍රියාමාර්ගයන් කිහිපයක් තුළින් ඔබට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවස්ථාව හිමිවෙනවා පමණක් නොව ඔබේ කඩඉම ජය ගැනීමටද මෙමගින් අවස්ථාව උදාවේ.
මෙවැනි සරල ක‍්‍රියාමාර්ගයන් කිහිපයක් තුළින් ඔබට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවස්ථාව හිමිවෙනවා පමණක් නොව ඔබේ කඩඉම ජය ගැනීමටද මෙමගින් අවස්ථාව උදාවේ.
නියමයි... keep it up sis...
ReplyDelete