Wednesday, August 3, 2016

ගොරහැඩි කලූ ගලට ජීවය දුන් කලාකරුවා

ගොරහැඩි කලූ ගලට ජීවය දුන් කලාකරුවා


              
  මං මගේ කතාවට මෙන්ම මෙහෙම පටන් ගන්න කැමතියි. ”සාර්ථක ගීතයක් පිටුපස උසස් සිතුවිල්ලක් පවති.” මෙය දුටු පමණින් ඔබට වැටෙහෙනවා ඇති මොකක්ද කියන්න යන්නේ කියලා. තවදුරටත් මම ගීතය කිියන්නේ මොකක්ද කියන එකට අර්ථකතනයන් දෙන්න යන්නේ නැහැ. මොකද ඔබ ගොඩනගාගත් අර්ථකතනයක් මෙයට තියෙන්න පුළුවන් නිසයි. මම අද මේ වගේ කතාවක් කියන්න අදහස් කළේ සාහිත්‍ය, කලාව තුළ කොතරම් ගීත, කවි, කතා ගෙතුනද, ගෙතී තිබේන හරවත් දේ තුළින් අරුතක් සොයා යන මිනිසුන්ටත් යමක් අවශ්‍ය නිසයි. මේක කතාවක් කිව්වට කතාවක්ම නෙවෙයි. මා පුළුල්ව කතා කළ හැකි සාහිත්‍යාංග, කලාංග පවතිද්දි ගීතය නැමැති කලාංගය පමණක් ලඝු කර ගත්තේ පදවැල්වලට ගෙතුනු  බොහෝ හරවත් දේ සිංහල ගීතය තුළ ලැගුම්ගත් නිසාවෙනි. නමුත් එයින් අදහස් වන්නේ අනෙකුත් කලාංග තුළ හරවත් දේ නොමැති බව නෙවෙයි. වින්දනයෙන් මානව හදවත් ස්පර්ශ කළ හැකි කලාංගයක් ලෙස එහි ප‍්‍රබලත්වය මනාව පසක් වන නිසයි. ලාංකවේ හැත්තෑව අසුව දශකයේ තුළ ගීතයේ ස්වර්ණමය යුගය සනිටුවන් වුවාට නම් සැකයක් නැත.  මොකද ගීතය ධනය උපයන මාධ්‍යයක් බවට පත් නොවන තාක්කල් ගීත සාහිත්‍යයට ස්වර්ණමය යුගයක් තිබු බව රහසක් නොවන නිසාවෙනි. මේ ස්වර්ණමය යුගය තුළ කිරුළ පලන් එක් ගීතයක් වෙත මගේ සිත ඇදි ගියේ එහි ගැඔුරු අර්ථය මා සිත්හි තදින්ම කා වැදුණු නිසාවෙනි.  රජි වසන්ත වෙල්ගම විසින් රචනා කළ රුවන් දර්ශන දිසානායක විසින් සංගීතවත් කළ සුනිල් එදිරිසිංහයන්ගෙන් ම්යුරු හඩින් සුගායනය වු මේ තරම් සියුමැලිද කලූගල්  ගීතයයි. එනම්

                                               මේ තරම් සියුමැලිද කලූ ගල්
                                               සිතන්නටවත් බැරි නිසා
                                               මම ගියා අව්කන බුදුුන්ටත්
                                               දෑස් දුන් මිනිසා සොයා
      
          
              මවාගත් කල්පිතයක් ඔස්සේ සිද්ධීන් එකිනෙක අමුණන රචකයා කියනුයේ අවුකන බුදුන්ටත් දෑස්දුන් මිනිසා සොයා යන බවයි. ගොරහැඩි වු ගල් පර්වතයක් මටසිලූටු කරමින් දැවැන්ත බුද්ධ ප‍්‍රතිමාවක් නිරිමාණය කරමින් එයට ජීවය ඔපවත් කළ ඔහු කළාකරුවෙක් විය යුතුය. මේ තරම් සියුමැලිද කලූ ගල් සිතන්නටවත් බැරි නිසා යන්නෙන් පැරණි කලා නිරිමාණයන්හි පවතින විශිෂ්ටත්වය මෙමගින් අපුරුවට කියාපායි. දැවැන්ත කලූගලකට බුද්්ධ ලීලාව ආරෝපනය කරමින් බුදුන්ගේ කරුණා මහිමය දෑස්වලට ගෙන ඒම තොරම් විශ්මය ජනක ක‍්‍රියාවක්ද යන වග කතුවරයා පසක් කරනුයේ කලාකරුවා සොයා යන ගමනේදිය.

         කලාකරුවා සොයා යන රචකයාට ඔහු දුක්බර ජීවිතයක් ගත කරන්නෙකි. ගල්කටුවද මිටියටද එක්කොට  අහස් කුස සිසාර යන දැවැන්ත ප‍්‍රතිමා නෙලූවද ඔහුට හිමි ජීවිතයේ සැගවුනු කටුකත්වයක් ඇතිවග රචකයා පසක්  කරනුයේ මෙලෙසිනි.


                                           කලා වැව ළග ඉලූක් හෙවනක
                                           මැටි පිලක පැදුරක් එලා
                                           රිදුමි පිරිමදිමින් බලයි ඔහු
                                           මැරෙන ඉපදෙන රළ දිහා
  

        ලෝකයේ අනිත්‍ය ධර්මය රැුළි මත්තේන් අවබෝධ කරගන්නා කලාකරුවා බලා සිටින්නේ මැරෙන ඉපදෙන රළ දෙසය. කලූගලකින් ගොඩනැගෙන බුදුරුවට ජීවය දෙන ඔහුට ජීවිතයේ  අනිත්‍ය බව හොදහැටි වැටහෙයි. කලා කෘතිය නිම කිරිමෙන්  දැනෙන වේදනාව ඔහුට ගෙන දෙන්නේ සැනසීමකි. ප‍්‍රස්තුත වු කලා කරුවාගේ ජීවිතය ගෙනෙන රචකයාගේ පදවැල් වලින් අපට සිතන්නට යමක් ඉතිරි කරයි. බොහෝවිට එදත් අදත් කලාකරුවාගේ ජිවිත බේදවාචකය. සිය දෑතින් නිමවුන බොහෝ නිරිමාණයන් ඉතිහාසගත වන්නේ අන්යන් නමින්ය. උදාහරණයක් ලෙස සීගිරිය නම් කාශ්‍යපයන් නමින්් ඉතිහාසයට එක්වෙද්දි එය නිර්මිත කලාකරුවා කොතැනද? ඔහුට ඇත්තේ රිදුම පමණද යන්න සිතන්නට නිර්මාණකරුවා දෙන ඉඩහසර කොතරම්ද?
    
 කලාකරුවාගේ ජිවිතයේ තවත් පැතිකඩක් වදන් වැල්වලට ගොතන රචකයා මවා ගන්නා කල්පිතයෙන් තවත් පියවරක් ඉදිරියට යයි. ඒ මෙසේය.

                                            ඉසුරු මුණියේ ඔබ තැනු
                                            පෙම්බරිය කොතැනද කියා
                                            මා ඇසුවිට හිනැහුනා ඔහු
                                            තාම තනිකඩ යැයි කියා

               රචකයා සිතනුයේ ඉසුරු මුණියේ කලූ ගල මත නෙලූ සුන්දරිය ඔහුගේ හදවතේ රැුදි රූපය බවයි. නමුත් කලාකරුවාගේ ජිවිතය තවමත් තනිකඩ බව  රචකයා පසක් කරනුයේ මෙලෙසිනි. ”මා ඇසු විට හිනැහුනා ඔහු තාම තනිකඩ යැයි කියා” යනුවෙනි. ආදරය කැටයමක් ලෙසින් කලූගලක සටහන් වුවද ඔහු තවමත් තනිකඩයකි යන වග මෙමගින් මනාව වැටහේ. කලාකරුවා කෙරෙහි දයානුකමිපාවක් ඇතිවන ආකාරයෙන් රචනා වන මෙම වදන් වැල් මතුපිට අර්ථය ඉක්මවා ගිය අරුතක් එක් කරයි. බොහෝ කලාකරුවන්ට නිර්මාණකරුවන්ට කලාංගයන් නිර්මාණයන් සදහා ප‍්‍රස්තුතය වන්නේ ජිවිත පරිඥානයන්ය. පසුව  එය පදවැල් ලෙසින් ගලාගෙන යන්නේය.
             
             බොහෝදෙනා නොදුටු කලාකරුවකුගේ ජිවිතයේ පැතිකඩයන් පදවැලට ගෙත්තම් කළ රචකයා සරල බස් වහරක් ඔස්සේ සියුම්ව ගෙන එන්නේ හදවතේ අපුරු සිතුවමක් චිත‍්‍රණය කරමිනි. මෙය කොතරමි අරුත්බර කතිකාවක්ද යන්නත් එයින් ලැබේන ආස්වාද කොපමණද යන්නත් මා අමුතුවෙන් ඔබට කිමට යන්නේද නැත. අද බිහිවන ගීතයන් තුළින් අර්ථවත් දෙයක් ඔබට ලැබේද යන්න ඔබම සිතා බැලිය යුතුය. සිය දහස් වරක් ඇසීමට තරම් සිත පෙළෙ ඕන මෙවන් ගී රචනා අද බිහිවන්නේ කීයෙන් කීයද?  එය සිතා බැලිය යුතුය. මෙය කතාවක් ලෙසින් පටන් ගත් මා කීවේ කතාවක්  නොවුනද එය කතාවක් ලෙසින්  හමාර කරන්නට කැමතිය.  මියුරු ගීතයක පදවැල් තවමත් එලෙසින්ම දෝංකාර දෙන බව නම් නොවනුමානය. 

7 comments:

  1. මේ වගෙ ජීවිතත් ගොඩක් තියෙනවා අපිට නොපෙනෙන....

    ReplyDelete
  2. මේ වගෙ ජීවිතත් ගොඩක් තියෙනවා අපිට නොපෙනෙන....

    ReplyDelete
  3. hithata danena dewal harima lassana kathawa

    ReplyDelete
  4. අපි ජීවිතයේ නොදකින ගොඩක් දේ කලා ඇසට පේනවා

    ReplyDelete