කීයක් හරි දෙනවද
කීයක් හරි දෙනවද
සිය දහස් ලෙසින්
ගැවසෙන දනන් අතරේ
ඔබ යන්නේ කාසියක් සොයා
කීයක් හරි දෙනවද අනේ
මගේ මව් රෝගී කියා
පුංචි හිතට නෑ තේරුනේ
කාසිය මදියැයි කියා
දෙන දෙන එක බාරගන්නේ
එය මහමෙරයැයි සිතා
හිත උණුවන දනන් අනේ
පුංචි අතේ කාසි තියා
තියන තියන කාසිය ගෙන
හෙමි හෙමිහිට ගණන් කළා
මවට සුවය ගෙන දෙන්නට
කාසී තවත් මදියි කියා
අයැද සිටියි පුංචි පුතුන්
තව දෙනවද අනේ කියා
දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි.....
ReplyDeleteලෝකය පුදුමාකාරයි ....
ReplyDeletehithatawadina ekak
ReplyDeleteකාලයට අනුව ලස්සනට ගලපල තියෙන හිතට වදින, දැනෙන දෙයක්..
ReplyDelete