සිදාදිය
සිදාදිය
පෙළින් පෙළ අහසට නැගුණු
සුවිසල් මන්දිර
බැලු බැලු අත
ගහක් කොළක් නොමැති
කොන්ක්‍රීට් වනාන්තර
දවසේ වේතනය සොයා
හිස් ලු ලු අත දුවන
මිනිසුන්ගේ කාලගෝට්ටිය
තැනින් තැන
මතින් මත්ව රගන
උවැසි උවැසියන්ගේ රංග මණ්ඩප
සැනින් සැන පෙනෙන නොපෙනෙන
වීදි වීදියේ සන්දර්ශන
විටින් විට නෙතෙහි දැවටුන
සුරලොවක විලසින
මෙයැයි අපුරු
සිදාදියක අරුමය
නගරය ගැන සරල නව්‍ය නිර්මාණශීලී ගෙතුමක්. සුලභත්වය තුළ දුලභත්වය දැකීම .
ReplyDeleteවත්මන් ලෝකයේ ගමන් මඟ ...
ReplyDeletealuth lokaye hati
ReplyDeletelassanai
ReplyDeleteGood one nangi
ReplyDeleteGood one nangi
ReplyDeletethanks akke
Deleteකෙනෙකුට අඳුරු වූ තවත් කෙනෙකුට සොඳුරු වූ සිදාදිය දෙස නවමු ඇසකින් බැලීම.... විශිෂ්ඨයි ඔබේ නිර්මාණය...
ReplyDelete--...මාවතේ කවියා...--